සුපිරි අට වටයෙන් හතක්ම තේරී අවසන් – ඔස්ට්‍රේලියාව ගෙදර

නිශ්මං රණසිංහ පෙබරවාරි 18, කොළඹ LNW:

පැවත්වෙන විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ සුපිරි අට වටය සඳහා තරග කරන කණ්ඩායම් අටෙන් හතක්ම මේ වන විට තේරි අවසන්ව තිබෙනවා.ඊයේ ශ්‍රී ලංකාව නියෝජනය කරන බී කාණ්ඩයේ කණ්ඩායම් දෙක කවරේද යන්න තීරණය වුණේ සිම්බාබ්වේ කණ්ඩායම සහ අයර්ලන්ත කණ්ඩායම අතර පල්ලෙකැලේ පැවති තරගය ජය පරාජයෙන් තොරව නිමාවීමත් සමඟයි.


සිම්බාබ්වේ කණ්ඩායම අයර්ලන්ත කණ්ඩායම ඉදීරියේ විශාල ලකුණු පරතරයකින් පරාජයට පත් වුණේනම් ඔස්ට්‍රේලියාවට යම් ඉඩක් ඕමානයට එරෙහිව දැවන්ත ජයක් වාර්තා කරමින් අවසාන තරගයට එන්නට තිබුණු අතර ඒත් සිම්බාබ්වේ සහ අයර්ලන්ත තරගය ජය පරාජයෙන් තොරව අවසන්වීම නිසා එම අවස්ථාව ඔස්ට්‍රේලියාවට හිමිවන්නේ නැහැ.ඔවුන් මූලික තරග වටයේදී සිම්බාබ්වේ සහ ශ්‍රී ලංකා කණ්ඩායම වෙතින් වූ පරාජයන් සමඟ සුපිරි අට වටයෙන් ඉවතට වීසිවෙනවා.
දැනට සුපිරි අට වටයෙ සම්බන්ධයෙන් ගැටළුවක් පවතින්නේ ඒ කාණ්ඩයෙන් ඉන්දියාව සමඟ සුපිරි අට වටයට එන කණ්ඩායම කවුරුන්ද යන්න තෝරා ගැනිමේයි.පෙබරවාරි 18 (අද) පැවත්වෙන පකිස්තානය සහ නැමීබියා අතර ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී පැවත්වෙන තරගයේදී නැමීබියාව ඉදිරියේ තරගය ජය පරාජයෙන් තොරව අවසන් කර ගත්ත ද එම අවස්ථාව පකිස්තානයට හිමිවන අතර,නමුත් පකිස්තානය නැමීබියාව වෙතින් පරාජයට පත් වුවහොත් පළමු වරට ලෝක කුසලාන තරගාවලියන අවසන් අට දෙනා අතරට එන්නට ඇමෙරිකාවට හැකි වෙනවා.


දැනට අවසන් අට දෙනා අතරට පිවිස සිටින කණ්ඩායම් හත ඒ කාණ්ඩයන් ද සමඟ පහතින් දක්වා තිබෙනවා.
ඒ කාණ්ඩය
1 ඉන්දියාව.
බී කාණ්ඩය.
1 ශ්‍රී ලංකාව
2 සිම්බාබ්වේ
සී කාණ්ඩය
1 බටහිර ඉව්සීය කොදෙව්
2 එංගලන්තය
ඩී කාණ්ඩය
1 දකුණු අප්‍රිකාව
2 නවසීලන්තය
සුපිරි අට වටයේ තරග පැවත්වෙන්නේ X සහ Y ලෙස කාණ්ඩ දෙකකට බෙදා එත් ලීග් ක්‍රමයකටම වන අතර මේ සටහනේ දක්වා ඇති ඡායාරූපයෙන් පෙන්වා දී ඇත්තේ එම කාණ්ඩවලට කණ්ඩායම් බෙදී ඇති ආකාරයය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

“සැබෑ වරදකරුවන් තවමත් නිදහසේ සිටිනවා”පාස්කු ඉරිදා ප්‍රහාරයේ වැරදිකරුවකුගෙන් ප්‍රකාශයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW : "සැබෑ වරදකරුවන් තවමත්...

විදුලිබල සහන සඳහා රු. බිලි. 17.2ක අතිරේක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුව අනුමත කරයි.

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW : විදුලි බිල්පත් සම්බන්ධයෙන්...

ශ්‍රී ලංකාව ලබා ඇති කැපී පෙනෙන ප්‍රගතිය IMF අගයයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW : පසුගිය වසර කිහිපය...

ගෙවුණු අගෝස්තුවේ සේවා අපනයනවල කැපී පෙනෙන වර්ධනයක්!

කොළඹ LNW:2026 අගෝස්තු මාසයට අදාළව ශ්‍රී ලංකාවේ අපනයන කාර්යසාධනය...