උදයංගගේ ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි …

Date:

තමන්ට පනවා ඇති විදෙස් ගමන් තහනම තාවකාලිකව ඉවත් කරන ලෙස රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා කළ ඉල්ලීමක් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

ඒ, වෙළඳ සම්මන්ත්‍රණයකට සහභාගී වීම සඳහා විදෙස්ගත වීමට අවසර ලබාදෙන ලෙස උදයංග වීරතුංග මහතා ඊයේ (12) මෝසමක් මාර්ගයෙන් අධිකරණයෙන් ඉල්ලා සිටි අවස්ථාවේදී ය.

කුප්‍රකට මිග් යානා ගනුදෙනුව සම්බන්ධ නඩුවට අදාළව ඔහුට එරෙහිව මෙම විදෙස් ගමන් තහනම පනවා ඇති අතර ඔහු මෙම අධිකරණ නියෝගය කඩ කරමින් 2015 – 2019 කාලය තුළ විදෙස්ගතව අධිකරණය මඟහරිමින් සිටි බව පෙන්වා දුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ අධිකරණයට කරුණු දක්වමින් ප්‍රකාශ කළේ උදයංග වීරතුංග මහතාට විදෙස්ගත වීමට ඉඩ බලාදුනහොත් ඔහු යළි මෙරටට පැමිණීම අවිනිශ්චිත බවයි.

ඒ අනුව කරුණු සලකා බැලූ කොටුව මහේස්ත්‍රාත් තිලින ගමගේ මහතා උදයංග වීරතුංග මහතාගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරන බවට නියෝග කළේය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

භූ කම්පනයක් හේතුවෙන් ලොව විශාලතම පතල කඩා වැටේ; එක් අයෙකු මරුට

සටහන: සශිකලා මධුෂාණිඅගෝස්තු 02; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): චිලියේ ඇතිවූ රික්ටර්...

ජනාධිපති ට්‍රම්ප් රුසියාවට එරෙහිව න්‍යෂ්ටික ප්‍රහාරයක් දියත් කිරීමට සුදානම් බව කියයි

සටහන: සශිකලා මධුෂාණිඅගෝස්තු 02; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): රුසියාවේ හිටපු ජනාධිපති...

රේගුවෙන් ඉතිහාසගත වාර්තාවක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 02 කොළඹ LNW : රේගු දෙපාර්තමේන්තුවෙන් ...