රෂිකා හෙන්නායක පෙබරවාරි 19, කොළඹ LNW :
ශ්‍රී ලංකා බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් විශ්‍රාමික නිලධාරීන් නැවත සේවයට බඳවා ගැනීමට තීරණය කර ඇති බව වාර්තා වේ.
මෙහිදී වයස අවුරුදු 65 ට අඩු පුද්ගලයන්ට කොන්ත්‍රාත් පදනම මත විවිධ තනතුරු සඳහා අයදුම් කිරීමට අවස්ථාව හිමිවේ.
විශේෂයෙන්ම ජේලර්වරුන්, නියාමකවරුන් සහ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ නිලධාරීන් වැනි පිරිස් මේ යටතේ නැවත බඳවා ගැනීමට නියමිතය.
උනන්දුවක් දක්වන පාර්ශවයන්ට මේ පිළිබඳ වැඩිදුර තොරතුරු බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය හරහා ලබාගත හැකිය.
මෙම පියවර මගින් පළපුරුදු නිලධාරීන්ගේ සේවය බන්ධනාගාර පද්ධතියට යළි ලබාගැනීම අපේක්ෂා කෙරේ.
මෙය දැනට පවතින සේවා අවශ්‍යතාවයන් සපුරාලීම සඳහා ගත් කාලෝචිත ක්‍රියාමාර්ගයකි.




