CATCH එකක් කියන්නෙ MATCH එකක්


නිශ්මං රණසිංහ පෙබරවාරි 24, කොළඹ LNW:

විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ සිම්බාබ්වේ සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් අතර තරගයේ ප්‍රතිපලය වූයේ කොදෙව් කණ්ඩායමට ලකුණු 107 ක ජයක් හිමිවීමයි.ජයග්‍රහණයේ නියමුවා වූ සිම්රෝන් හෙට්මයර් පන්දු 34 දී ලකුණු 85 ක් ලබා ගත්තා.එයට හයේ පහර සහ හතරේ පහර 7 බැඟින් ඇතුළත් වුණා.එහෙත් හෙට්මයර් ලකුණු 9 ක් පමණක් ලබා තිබියදී මේ තරගාවලිය පුරා කැපී පෙණෙන සිම්බාබ්වේ පන්දු යවන්නා වූ බ්ලේසින්ග් මුසර්බානිගේ පන්දුවකට ටෂින්ගා මුසිකිවා වෙත දුන් උඩ පන්දුව අත නොහැරෙන්නට මේ කතාව මීට වෙනස් වෙන්නට තිබුණා.එසේ වූවානම් හෙට්මයර් දැවී යන්නේ දෙවන කඩුල්ල හැටියටය.එසේම පවර් ප්ලේ යටතේ ඔවුන්ට කඩුලු දෙකක් අහිමි වීමෙන් ඇතිවන පීඩනයටත් මුහුණ දෙන්නට සිඳු වෙනවා.


එහෙත් ලකුණු 85 ක් ලැබූ හෙට්මයර් නැවත ලකුණු 70 දී ත් මුසිකිවාට උඩ පන්දුවක් දුන්නත් මම හෙට්මයර්ගේ උඩ පන්දු අල්ලන්නේ නැහැ වගේ ආකාරයකින් නැවතත් එය අත හරිනවා.මේ මුසිකිවාම හෙට්මයර් දැවී ගිය පසු හෙට්මයර්ගේ අත හරින උඩ පන්දු දෙකටම වඩා අසීරු රෝවන් පවෙල්ගේ උඩ පන්දුව රැක ගන්නවා.


කෙසේ නමුත් හෙට්මයර්ට දෙන ලද අවස්ථාව කැමත්තෙන්ම වස කුප්පියක් ඉල්ලා පානය කිරිමක් බඳු වූවා.ඒ අවස්ථාවෙන් දරුණුවටම බැට කෑ පුද්ගලයා වූයේ සිම්බාබ්වේ නායක සිකන්දර් රාසා යි.ඔහුගේ පන්දු ඕවර් 3 ට ලකුණු 52 ක් ලබා ගන්නවා.රාසාට එල්ල කරන එක් හයේ පහරක් නවතින්නේ මීටර් 102 ක දුරක් ගෙවා වීමත් මෙහිදී දකින්නට ලැබුණා.


මේ තරගාවලියේ උඩ පන්දුවක් විසින් කණ්ඩායමකට දුන්න හොඳම ඉඩ මේ අවස්ථාව ලෙස හැඳින්විය හැකියි.කඩුලු 6 ට ලකුණු 254 ක් යනු හඹා යාමේ සිහිනයක් සිම්බාබ්වේ කණ්ඩායමට ඉතුරු කිරීමක් වුණා.ඒ සිහිනයට මෙපිටින් ලකුණු 147 ට සිම්බාබ්වේ ඉණිම නතර වෙද්දී ගුඩාකේස් මෝටි සහ අකිල් හුසේන් ලකුණු 28 බැඟින් ලබා දෙමින් පිළිවෙළින් සිම්බාබ්වේ කඩුලු 4 ක් සහ 3 ක් ලබාගෙන කැපී පෙණුනා.


ශ්‍රී ලංකාවේ තරගයේ දී ද සෝල්ට් විසින් ලබා දුන් උඩ පන්දුව ගිලිහී යාම එම පරාජයේ මූලික සාධකය බව කිව යුතුයි.ලෝක කුසලාන තරගාවලියකට වඩා හොඳම කණ්ඩායම් අට අතර සටන යනු බේරි පෙරි ආ දක්ෂතම කණ්ඩායම් අතර හමුවයි.එහීදී මුළු තරගයක ඉරණම එක උඩ පන්දුවකින් තීරණය විය හැකියි.පන්දු රැකීම තරගයක ජයග්‍රහණය සහ පරාජයට බලපාන ප්‍රබලම සාධකය බව හෙට්මයර්ගේ ඉණිම විසින් මොනවට පැහැදිළි කර අවසන්.
පහතින් ඇත්තේ තරගාවලියේ සමස්ත දත්ත සටහනට පිවිසිය හැකි මාර්ගයයි.
https://bit.ly/4aLzhk7

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජපානයේ ස්ථිර පදිංචිය සඳහා ගාස්තුව 20 ගුණයකින් ඉහළට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 02: ජපානයේ ස්ථිර...

පවතින ඩීසල් හිගය හේතුවෙන් සංචිත මුදාහරින ලෙස ඇමරිකාව ප්‍රංශයට සහ ජර්මනියට දැනුම් දෙයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 02: ලෝක ඩීසල්...

අද සිකුරාදා හිටපු ඇමති බන්දුල ගුණවර්ධන අල්ලස් කොමිසමට කැඳවයි

හිටපු අමාත්‍ය බන්ධුල ගුණවර්ධන මහතාව අල්ලස් හෝ දූෂණ චෝදනා...

ඇතැම් ප්‍රදේශවලට මි.මී. 75ට වැඩි තද වැසි – අද (02) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ඔක්තෝබර් 02) දිනයේදී දිවයිනේ බොහෝ...