වෛද්‍ය පත්වීම්, ස්ථාන මාරු වෘත්තීය සමිති නායකයින්ගේ ග්‍රහණයෙන් මුදාගත යුතුයි – GMPA

නවක වෛද්‍ය පත්වීම් මෙන්ම වෛද්‍යවරුන්ගේ වාර්ෂික ස්ථාන මාරු ඇතැම් වෘත්තීය සමිති නායකයින්ගේ අභිමතය පරිදි කරගෙන යෑමට හිටපු සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ඉඩදී තිබුණු අතර ඒ හේතුවෙන් බොහෝ වෛද්‍යවරුන් අපහසුතාවට පත්වූ බවත් 2021 වසර සඳහා සකස් කළ ශ්‍රේණි වෛද්‍ය නිලධාරීන්ගේ වාර්ෂික ස්ථාන මාරු ලැයිස්තුවේ ද අක්‍රමිකතා රැසක් ඇති බවත් රජයේ වෛද්‍ය වෘත්තිකයින්ගේ සංගමය පවසයි.

වර්තමානයේ ක්‍රියාත්මක වන වෛද්‍ය ස්ථාන මාරු ක්‍රමවේදය 2001 වසරේ ආරම්භ කළ, යල්පැනගිය ක්‍රමවේදයක් බව පෙන්වා දෙන එම සංගමය සෞඛ්‍ය අමාත්‍යාංශයේ සේවයේ නියුතු වෛද්‍යවරුන් 19000ක් අතරින් 11000ක් ම කොළඹ, ගම්පහ සහ මහනුවර යන දිස්ත්‍රික්කවල ස්ථානගතව සිටීමෙන් එය පැහැදිලි වන බවයි සඳහන් කරන්නේ.

ඒ අනුව වෛද්‍ය පත්කිරීම් සහ ස්ථාන මාරු වෘත්තීය සමිති නායකයින්ගේ ග්‍රහණයෙන් මුදාගත යුතු අතර රටේ අවශ්‍යතාවට සරිලන නව ක්‍රමවේදයක් ද හඳුන්වා දියයුතු බව එම සංගමය අවධාරණය කරයි.

රජයේ වෛද්‍ය වෘත්තිකයින්ගේ සංගමය ( GMPA ) නිකුත් කළ සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලංකා IOC ඉන්ධන වර්ගයක මිල ඉහළ දමයි

සටහන - රුවන් නෙළුගොල්ල ඊයේ (25) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක...

බ්‍රිතාන්‍යයට Boelo කුණාටුවෙන් දැඩි බලපෑම්; නිවාස 82,000කට විදුලියත් විසන්ධි වෙයි!

සටහන – පුලී ඔක්තෝම්බර් 25, LNW (කොළඹ):  බ්‍රිතාන්‍යයට බලපා ඇති Boelo...

බංග්ලාදේශයේ ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය ඉන්දියාව අභිබවා යනු ඇතැයි පුරෝකථනය කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 25: ජාත්‍යන්තර...

ඉරාන නාවිකයන් සඳහා කළ මානුෂීය මෙහෙයුම අවසන්: නාවිකයන් තම මව් රට බලා පිටත්ව යයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 25, කොළඹ LNW : ශ්‍රී ලංකා වෙරළ...