නව ප්‍රකාශන මිල දී ගැනීමේ ව්‍යාපෘතිය ආරම්භ කෙරේ

නිශ්මං රණසිංහ පෙබරවාරි 27, කොළඹ LNW:

මුද්‍රිත ග්‍රන්ථ සඳහා ආධාර ලබා දීම වෙනුවෙන් ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලය ක්‍රියාත්මක කරන නව ප්‍රකාශන මිල දී ගැනීමේ ව්‍යාපෘතිය යටතේ 2024, 2025 සහ 2026 යන වර්ෂවල මුද්‍රණයෙන් නිකුත් කෙරුණු කෘති භාර ගැනීම මේ වන විට ආරම්භ කර තිබේ.

මේ යටතේ 2024, 2025 සහ 2026 යන වර්ෂවල මුද්‍රිත නවකතා, කෙටිකතා, පද්‍ය වැනි නිර්මාණාත්මක කෘති ද, ශාස්ත්‍රීය සහ පර්යේෂණාත්මක කෘති ද භාර ගැනීම 2026 මාර්තු 03 වැනි දා සිට අප්‍රේල් 10 වැනි දා දක්වා සිදු කරන අතර අදාළ අයදුම්පත් ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ ‘ප්‍රකාශන හා ග්‍රන්ථ සංවර්ධන අංශයෙන් මෙන්ම ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ වෙබ් අඩවියෙන් ද ලබා ගත හැකිය.

ප්‍රකාශයට පත් කරන ලද ග්‍රන්ථ අලෙවි කර ගැනීමේ දී ලේඛකයන් මුහුණ පාන ගැටලු සඳහා සහනයක් ලබා දීම, ගුණාත්මක මට්ටමේ කෘති මිල දී ගැනීම, පුස්තකාල සංවර්ධනය, කියවීම ප්‍රවර්ධනය කිරීම මේ ව්‍යාපෘතියේ මූලික අරමුණු අතර වේ.

මේ සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන ලේඛකයන් කොළඹ 7, නිදහස් මාවතේ පිහිටි ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයට පැමිණ හෝ 0112-687583 අංකයට දුරකථන ඇමතුමක් ලබා දී වැඩිදුර තොරතුරු ලබා ගත හැකිය. එසේ ම www.natlib.lk වෙබ් අඩවියට පිවිසීම හරහා ද මෙම ව්‍යාපෘතියට අදාළ සියලු තොරතුරු ආදිය ලබා ගත හැකිය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

“සැබෑ වරදකරුවන් තවමත් නිදහසේ සිටිනවා”පාස්කු ඉරිදා ප්‍රහාරයේ වැරදිකරුවකුගෙන් ප්‍රකාශයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW : "සැබෑ වරදකරුවන් තවමත්...

විදුලිබල සහන සඳහා රු. බිලි. 17.2ක අතිරේක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුව අනුමත කරයි.

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW : විදුලි බිල්පත් සම්බන්ධයෙන්...

ශ්‍රී ලංකාව ලබා ඇති කැපී පෙනෙන ප්‍රගතිය IMF අගයයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW : පසුගිය වසර කිහිපය...

ගෙවුණු අගෝස්තුවේ සේවා අපනයනවල කැපී පෙනෙන වර්ධනයක්!

කොළඹ LNW:2026 අගෝස්තු මාසයට අදාළව ශ්‍රී ලංකාවේ අපනයන කාර්යසාධනය...