ජාතික අක්ෂි රෝහලේ ඖෂධ සහ ශල්‍ය උපකරණවල දැඩි හිඟයක්! (VIDEO)

ජාතික අක්ෂි රෝහලේ අක්ෂි කාච ඇතුළු වෛද්‍ය උපකරණ මෙන්ම ඖෂධවල දැඩි හිඟයක් පවතින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මධ්‍යම කමිටු සාමාජික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ මහතා පැවසුවේය.

ඒ, අද (16) මාධ්‍ය වෙත කරුණු අනාවරණය කරමිනි.

පවතින තත්ත්වය මත ඖෂධ බොහොමයක් රෝහල තුලින්ම රෝගීන්ට නිකුත් කිරීමට නොහැකි තත්ත්වයක් උදා වී තිබෙන බවයි කොළඹගේ මහතා කියා සිටියේ.

ශල්‍ය උපකරණවල හිඟය හේතුවෙන් අත්‍යවශ්‍ය ශල්‍ය කර්මවලට පමණක් සීමා වීමට සිදුව තිබෙන අතර සෙසු ශල්‍ය කර්ම ප්‍රමාද කිරීමට සිදුව තිබෙන බව ඔහු සඳහන් කළේය.

රෝහලට ලැබෙන කාච ප්‍රමාණය ප්‍රමාණවත් නොමැති බවත් බාහිර රෝගී අංශයේ ප්‍රතිජීවක ඖෂධ එකකට සීමා වී තිබෙන බවත් ඇස් සඳහා භාවිතා කරන ඖෂධ 50%කට වැඩි ඖෂධ ප්‍රමාණයක හිඟයක් පවතින බවත් ඔහු සඳහන් කරන ලදී.

මෙම තත්ත්වය හේතුවෙන් රෝහලෙන් බැහැර ඖෂධ අලෙවිසල් වෙතින් ඒවා ලබා ගැනීමට රෝගීන්ට නියම කිරීමට සිදුව තිබෙන නමුත් බොහොමයක් ඖෂධ අලෙවි සල් තුළද එම ඖෂධ වල හිඟයක් පවතින බව පෙනෙන්නට ඇති බවයි කොළඹගේ මහතා පැවසුවේ.

එමෙන්ම ඇතැම් ඖෂධ මිල 300%කින් පමණ මිල ඉහළ ගොස් ගිහින් තිබෙන බව ඔහු කියා සිටියේය.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මැලේසියානු ස්කොෂ් ක්‍රීඩකයන් 2028 ඔලිම්පික් වරම් දිනයි

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 27, කොළඹ LNW : 2026 ආසියානු...

මහපොළොවේ යථාර්ථය පෙන්නුම් කරන්නේ වෙනස්ම අඳුරු කතාවකි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 27, කොළඹ LNW : ඉතියෝපියාව නැවතත් පූර්ණ...

‘ලෝකයට ඔලිව් බෙදන සුන්දර ටියුනීසියාව’ – රටක් ගැන කෙටියෙන්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 27: අප්‍රිකානු මහද්වීපයේ උතුරු...

පෞද්ගලික වෛරයක් නෑ, යුක්තිය ඉටුකිරීම තමයි එකම බලාපොරොත්තුව – ජනපති අනුර

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 28, කොළඹ LNW : දූෂිත පුද්ගලයන්ට දඬුවම්...