ඇමරිකා එක්සත් ජනපදය හා ඊශ්‍රායලය එක්ව ඉරානයට ඒකාබද්ධ හමුදා මෙහෙයුමක් දියත් කරයි

0
10

සටහන:සශිකලා මධුෂාණි
පෙබරවාරි 28: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ):
ඇමරිකා එක්සත් ජනපදය හා ඊශ්‍රායලය එක්ව ඉරානය තුළ “ප්‍රධාන සටන් මෙහෙයුම්” දියත් කර ඇති බව එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තහවුරු කර තිබේ.

මිට සුළු මොහොතකට පෙර ටෙහෙරානයේ විශ්ව විද්‍යාල වීදියට සහ ජොම්හවුරි ප්‍රදේශය, ටෙහෙරානයේ උතුරු සෙයිද් ඛන්දන් ප්‍රදේශය බටහිර ඉලාම් පළාත ඇතුළුව මිසයිල ප්‍රහාර කිහිපයක් දියත් කර ඇති අතර ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකායේ මූලස්ථානයට ද ප්‍රහාරයක් එල්ල වූ අතර සැලකිය යුතු මරණ හා තුවාල වාර්තා වෙමින් ඇත.

ලොව විශාලතම ගුවන් ප්‍රහාරක නෞකාවන USS ජෙරල්ඩ් ආර් ෆෝඩ් සහ USS ඒබ්‍රහම් ලින්කන් නෞකාව ඇතුළු විශාල හමුදා බලඇණියක් එක්සත් ජනපදය විසින් මැදපෙරදිග කලාපයේ ස්ථානගත කර ඇති අතර ඉරානය තම න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධයෙන් ගිවිසුමකට එළඹීමට බලපෑම් කිරීම සඳහා මෙම ඒකාබද්ධ මෙහෙයුම ක්‍රියාත්මක කෙරෙන බව ඇමරිකාව හා ඊශ්‍රායලය සඳහන් කර තිබේ.

ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය ඊශ්‍රායල් කැට්ස් ඉරානයේ ප්‍රති ප්‍රහාර අපේක්ෂාවෙන් රටතුල හදිසි තත්වයක් ප්‍රකාශයට පත්කර ඇති අතර ඊශ්‍රායල ගුවන්තොටුපළ අධිකාරිය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් තම ගුවන් සීමාව සියලුම සිවිල් ගුවන් ගමන් සඳහා වසා දමන බවත්, මහජනතාවගෙන් ගුවන් තොටුපළට නොපැමිණෙන ලෙස ඉල්ලා ඇත.

ප්‍රවෘත්ති සංවිධානවලට බොහෝ විට ඉරානයට වීසා ප්‍රතික්ෂේප කරනු ලබන අතර එමඟින් රට තුළ සිදුවන දේ පිළිබඳ තොරතුරු රැස් කිරීමේ හැකියාව දැඩි ලෙස සීමා කෙරේ,