ඇමරිකාව සහ ඊශ්‍රායලය එල්ල කරන ප්‍රහාරවලින් ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි ජීවිතක්ෂයට පත්ව ඇති බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.
ඇමරිකානු ජනාධිපතිවරයා සිය “Truth” සමාජ මාධ්‍ය ජාලයේ සටහනක් තබමින් පවසා ඇත්තේ ඉතිහාසයේ වඩාත්ම දුෂ්ට මිනිසුන්ගෙන් අයෙකු වූ කමේනි මියගොස් ඇති බවයි.
මෙය ඉරාන ජනතාවට යුක්තිය ඉටුවීමක් පමණක් නොව කමේනි සහ ඔහුගේ ලේ පිපාසිත මැර කල්ලිය විසින් ඝාතනයට ලක්කරන ලද ඇමරිකානුවන් සහ ලොව පුරා රටවල් රැසක ජනතාවට යුක්තිය ඉටුවීමක් බවයි ඔහු සඳහන් කර ඇත්තේ.
ඇමරිකානු බුද්ධි අංශ, ඉතා නිවැරදි හඹායෑමේ පද්ධති සහ ඊශ්‍රායලය සමග සමීපව කටයුතු කිරීම හමුවේ කමේනිට හෝ ඔහුත් සමග මියගොස් ඇති අනෙකුත් නායකයින්ට හෝ කිසිවක් කරගැනීමට නොහැකි වූ බවත් ඇමරිකානු ජනාධිපතිවරයා පවසා ඇත.
එසේම ඉරානයේ ජනතාවට යළිත් ඔවුන්ගේ රටේ බලය අත්පත් කරගැනීම සඳහා මෙය විශිෂ්ට අවස්ථාවක් බවත් ඇමරිකානු ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.



