රෂිකා හෙන්නායක මාර්තු 01, කොළඹ LNW :
ඉරානයේ ඉහළම පෙළේ ආගමික නායකයෙකු වන අයතුල්ලා අලිරේසා අරාෆි, එරට උත්තරීතර නායක අලි කමේනිගේ අභාවයෙන් පසු පිහිටුවන ලද අන්තර්කාලීන නායකත්ව මණ්ඩලයට පත් කර ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
වයස අවුරුදු 67ක් වන අරාෆි, මීට පෙර ඉරාන ඉස්ලාමීය සෙමනේරි පද්ධතියේ අධ්‍යක්ෂවරයා ලෙස සහ ආරක්ෂක කවුන්සිලයේ සාමාජිකයෙකු ලෙස ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කර ඇත.
නව ස්ථිර නායකයෙකු තෝරා ගන්නා තෙක් ඔහු ජනාධිපතිවරයා සහ අධිකරණ ප්‍රධානියා සමඟ එක්ව රාජ්‍ය පාලනය මෙහෙයවනු ඇත.
අරාෆි බහුභාෂා උගතෙකු වන අතර, ජාත්‍යන්තර වශයෙන් ඉරානයේ ආගමික මතවාද ව්‍යාප්ත කිරීමෙහිලා ඔහු සතු අත්දැකීම් මෙම බල හුවමාරුවේදී තීරණාත්මක වනු ඇත.




