පෙරටුගාමී 4 වැනි සම්මේලනය ….

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ 4 වැනි සම්මේලනයට අද සහභාගී වෙන්න හැකිවුණා. මම හිතන්නේ ඒක ගොඩක් සාර්ථකයි කියල. විශේෂයෙන් ජාත්‍යන්තර සහයෝගීතාව පදනම් කරගත් ලෝක සමාජවාදය පිළිබද දැක්මක් එක්ක ගත්තම ඒකෙ හරයාත්මක දෙයක් ගැබ්වෙලා තිබ්බ.

මතවාදී වෙනස්කම් තිබියදී පවා මම වගේ කෙනෙකුට එන්න කියන්න තරම් ලොකු හදවතක් තිබීම ඒ පක්ෂය පැත්තෙන් විප්ලවීය දෙයක් කියල හැඟුණ. ඒ වෙනුවෙන් කරන රෙස්පෙක්ට් එකක් එක්කයි මම ගියේ.

පක්ෂයේ අයට අමතරව වෙනත් අයත් සෑහෙන්න හිටිය මම හිතන්නේ.

විනාඩියක් දෙකක් පරක්කු වෙලා යනකොටත් කුමාර් සහෝදරයා කතාකරනවා. දීර්ඝ ලෙස ඔහු ඉංග්‍රීසියෙන් පැහැදිලිකළා ලෝක තත්වය, නව විජිතකරණය සහ අධිරාජ්‍යවාදය ගැන. ඒක මේ වෙලාවේ ඇත්තටම වටින දෙයක්. පසුව ඔහු දෙමළ බසින් සහ සිංහලෙන් සංක්ෂිප්තව කතා කළා. ලංකාවේ වමේ නායකයෙක් ලංකාවේ ප්‍රධාන භාෂා තුනෙන් ව්‍යක්තව කතාකිරීම ලොකු දේශපාලන හයියක්.

එතනම පොඩි මේ කොදෙව්වෙන් එහා හැඟීමක් ආව.

යම් හෙයකින් වමේ කිරුළ ජවිපෙන් ගිලිහෙනවා දැකල ඒක ගන්න පනිනවා වෙනුවට ලෝක සමාජවාදී අත්දැකීමක අවශ්‍යතාව තමයි සම්මේලනය පුරා දකින්න තිබ්බේ. කුමාර් සහෝදරයා නැවත නැවත කිව්ව දෙයක් තමයි අලුත් සමාජවාදී අත්දැකීමක් (new socialist experience) ඕනි කියන එක. යම් විකල්පයක් වෙනුවෙන් ඔවුන් සුදානම් වෙන බවක් පේන්න තිබ්බ. නමුත් ඒ හරියටම කුමක්ද කියන එක ‘මේක තමයි බනිස් ගෙඩිය’ වගේ ලේසියෙන් වරනගන්න බැහැ කියන එක අපි තේරුම්ගන්න ඕනි. විශේෂයෙන් ගෝලීය වම වැටුනට පස්සේ අලුත් එක මොකක්ද කියල අපි කාටවත් කියන්න බැහැ තමයි.

නමුත් අරගලයෙන් පස්සේ ලාංකික සමාජය ගෝඨා පසුකළා වගේම රනිලුත් පසුකළා. ඔවුන් අද මාලිමාව ළඟ ඉන්නවා. හැබැයි නිසැක ලෙස ඔවුන් මාලිමාවත් පසුකරන්න අධිෂ්ඨාන කරගන්න පුළුවන්.

එදාට ඒ වෙනුවෙන් වේදිකාවක් තියෙන්න ඕනි. ඒ නිසා මේ උත්සාහය කමක් නෑ…

සුබ පැතුම් !

~ මහේෂ් හපුගොඩ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මට්ටක්කුලියේ බිහිසුණු රිය අනතුරකින් තිදෙනෙක් මරුට. තවත් 8 දෙනෙකුට තුවාල !

මට්ටක්කුලිය, රාස්සමූණකන්ද ප්‍රදේශයේදී අධික වේගයෙන් ධාවනය වූ මෝටර් රථයක්...

ඩොලරයේ අගයේ හදිසි වෙනසක්

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකා රුපියලේ හදිසි අවප්‍රමාණය වීමක්...

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...