රොක් n රෝල් රජු මිය ගොස් වසර 45ක් සපිරේ : ලොවක් වසඟ කළ එල්විස් ප්‍රෙස්ලි

Date:

බටහිර සංගීත ලොවේ පතාක යෝධයින් කිහිපදෙනා අතර රොක් ඇන්ඩි රෝල් සංගීතයේ රජු ලෙස හැඳින්වෙන එල්විස් ප්‍රෙස්ලිට හිමිවන්නේ ප්‍රමුඛතම ස්ථානයකි. ඔහු වෘත්තියෙන් ගායකයෙකු නර්තන ශිල්පියෙකු මෙන්ම නළුවකුද විය. ඔහුගේ ගායනයෙන් කඩවසම් රූපයෙන් රසික හදවත් ආකර්ෂණය කර ගිනීමට ඔහු සමත් විය. ඔහු මිය ගොස් ඊයේ (16) දිනට වසර 45 සම්පූර්ණ වූ නමුත් ඔහුගේ අසාමාන්‍ය දක්ෂතා සහ උමතු ශක්තිය පිළිබඳ කතා හේතුවෙන් මරණයෙන් පසුව පවා ගායකයා ඉතා ජනප්‍රිය විය. ඒ අනුව ඔහු කෙරේ ඇති අකර්ෂණය අදටද අඩුවක් නැත.

ප්‍රෙස්ලි 1935 මිසිසිපි ප්‍රාන්තයේ උපත ලද අතර කුඩා කළ අතිශය කටුක කාලයක් ගත කරන ලදි. ප්‍රෙස්ලිගේ පියාට ස්ථිර රැකියාවක් නොවීම හේතුවෙන් ඔවුන්ගේ නගරයේ ඔහුට සොයාගත හැකි ඕනෑම රැකියාවක් කිරීමට ඔහු යොමු විය. පවුල ඉතා ආගමික වූ බැවින් කුඩා ප්‍රෙස්ලි නිතිපතා පල්ලියට ගොස් පල්ලියේ ගායක ගායනයේ ගායනා කළේය. එය ඔහුගේ ගායන ලෝකයේ මුල් අඩිතාලම විය.

1953 වන විට රැකියා රැසක් කරමින් මුදල් ඉලයීමට උත්සහ කරන ප්‍රෙස්ලි සිය පළමු ගීතය පටිගත කිරීම වෙනුවෙන් සංගීත අධ්‍යක්ෂක සෑම් ෆිලිප්ස්ට අයත් වූ ‘සන් ස්ටුඩියෝ’ වෙත යාමත් සමඟ තරුණ එල්විස්ගේ දක්ෂතාවය හා ආකර්ෂණීය පෙනුම ගැන පැහැදුණු ෆිලිප්ස් ඔහු සිය ආයතනයට බඳවාගන්න්ට තීරණය කිරීම ප්‍රෙස්ලිගේ ජීවිතයේ තීරණාත්මක අවස්ථාවක් විය. දැට්ස් ඕල් රයිට් (1954) එල්විස්ගේ පළමු ඒකපුද්ගල ගීතය යි.

මේ වසරේ දී ආර්.සී.ඒ සමාගම සමග ගිවිසුම්ගත වුණු ඔහු, සිය ප්‍රථම සංගීත ඇල්බමය වන ‘එල්විස් ප්‍රෙස්ලි’ එළිදැකිවීමට සමත් විය. ඒත් සමග පටිගත කරන ලද හාර්ට් බ්‍රේක් හොටෙල් නම් ගීය තරුණ ප්‍රජාව උන්මාදයෙන් මෙන් වැළඳගත්තා. ඉන් අනතරුව ප්‍රෙස්ලි 1956 දී පැරමවුන්ට් චිත්‍රපට සඳහා ගිවිසුම් අත්සන් කරනු ලැබීය. ඔහුගේ රැඟුම් හා ගැයුම් රැගත් පළමු චිත්‍රපටය වන ලව් මී ටෙන්ඩර් (1956) සුපිරි තරුවක තත්ත්වයට ඔහු ව ඔසවාතැබීය.

වසර එක හමාරක පමණ හමුදා ජීවිතයෙන් පසු නැවත ගායන ලෝකයට එන ප්‍රෙස්ලි ජී අයි බ්ලූස් චිත්‍රපටයට ඔහු ගායනා කළ ගීතය නැවතත් ඔහු ඇමෙරිකාවේ ජනප්‍රියම ගායකයා බවට පත් කිරීමට සමත් විය. එල්විස් බ්ලූ හවායි (1961), ගර්ල්ස්,ගර්ල්ස්,ගර්ල්ස් (1962), හා විවා ලාස් වේගාස් (1964) වැනි චිත්‍රපටවල ඔහුගේ ගායනය හා රංගනය අතිශය ජනප්‍රිය විය. තරුණ ප්‍රජාව ඔහුගේ ඇඳුම් ශෛලිය විලාසිතාවන් අනුකරණය කරන්නට පවා පෙළැඹෙන අතර . ‘රොක් ඇන්ඩ් රෝල්’ සංගීතය හා තමන්ට ම ආවේණික නර්තනය නිසා ලොව පුරා ඔහුගේ නාමය පැතිරී ගිය අතර ‘රොක් ඇන්ඩ් රෝල් රජු’ ලෙස ඔහු ව හඳුන්වන්නට විය.



60 දශකයෙන් අනතුරුව ප්‍රෙස්ලි මත්ද්‍රව්‍යන්ට ඇබ්බැහිවීමත් සමඟ සිය විවාහය පවා බිඳ වැටෙන්නට විය. 1973 ඔහුගේ විවාහය දික්කසාදයකින් කෙළවර විය. ඔහුගේ දියණියගේ හිමකම බිරිඳ වන ප්‍රිසිලා වෙත ගිය අතර පෞද්ගලික ජීවිතයේ මෙන්ම වෘත්තීය ජීවිතයේ ද ගැටලුවලින් බැට කා සිටි එල්විස් තදින්ම මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වන්නට විය.

මානසික හා සෞඛ්‍ය ගැටලු මධ්‍යයේ වුවත් එල්විස්ගේ ජනප්‍රියතාව සැලකිය යුතු මට්ටමක තබාගන්නට ඔහු සමත් වු නමුත් 1977 අගෝස්තු මස 16 වැනි දා හෘදයාබාධයක් හේතුවෙන් මියගොස් සිටිය දී එල්විස්ගේ නිසල දේහය ඔහුගේ නිවසේ තිබී හමු වූ අතර ඔහුගේ මරණයට ප්‍රධාන හේතුව ඖෂධ මාත්‍රාව ඉක්මවා යාම හේතුවෙන් ඇතිවූ හෘද අබාධයක් බව වෛද්‍යවරුන් තීරණය කරනු ලැබීය.

සිය කෙටි ජීවිත කාලය තුළ එල්විස් ප්‍රෙස්ලි ඇමෙරිකානු කලා ලොවෙහි හිණිපෙත්තට ම ළඟා අතර ඔහු අද වන විටත් ඇමරිකානු සංගීත ලෝකය තුළ පුරාවෘත්තයක් බවට පත්ව ඇත.



සශිකලා මධුෂාණී-OBT

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Celebrity Buzz: “One Battle After Another” තුළින් එන ඩිකැප්‍රියෝගේ වෙනස් මුහුණුවරක්!

සෑම සඳුදා දිනකම “Celebrity Buzz” තුළින් ඔබට සෙලිබ්‍රිටි ගොසිප්ස්,...

2025 වසරේ ගුවන්ගමන් වාරවල 16%ක වර්ධනයක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: 2024 වසරට සාපේක්ෂව 2025...

මන්ත්‍රී විශ්‍රාම වැටුප ගැන ⁣කරු, ආණ්ඩුවෙන් කළ ඉල්ලීම!

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීන්ගේ විශ්‍රාම වැටුප් කප්පාදුවට රජය ගෙන ඇති...

ඌවට වෙරළක්..

  නිශ්මං රණසිංහ අගෝස්තු 18, කොළඹ LNW: මෙවර ජාතික ක්‍රීඩා උළෙලේ වෙරළ...