Home විදෙස් ඇමරිකා හා ඊශ්‍රායල් ප්‍රහාර වේගවත් කරමින් ඉරානයට එරෙහිව කුර්දි සටන්කරුවන් සිය ගණනක්...

ඇමරිකා හා ඊශ්‍රායල් ප්‍රහාර වේගවත් කරමින් ඉරානයට එරෙහිව කුර්දි සටන්කරුවන් සිය ගණනක් ගොඩබිම් ප්‍රහාරයක් සඳහා සුදානම් වේ

සටහන: සශිකලා මධුෂාණි
මාර්තු 05; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ):
ගොඩබිම් ප්‍රහාරයක් දියත් කරන ලෙස එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ඉල්ලීම මත උතුරු ඉරාකය පදනම් කරගත්  ඉරාන විරුද්ධවාදී කුර්දි සටන්කරුවන් ඉරානයේ දේශසීමා හරහා හමුදා මෙහෙයුමක් සඳහා සූදානම් වෙමින් සිටින බව වාර්තා වේ.

උතුරු ඉරාකයේ අර්ධ ස්වයං පාලන කුර්දි කලාපයේ පිහිටා ඇති කුර්දිස්තාන් නිදහස් පක්ෂයේ හෙවත් PAK හි නිලධාරියෙකු වන කලීල් නදිරි ඊයේ(04)දිනයේදී සඳහන් කර තිබුණේ, ඔවුන්ගේ හමුදා කිහිපයක් සුලෙයිමානියා පළාතේ ඉරාන දේශසීමාව අසල ප්‍රදේශවලට ගොස් ඇති බවත් ඔවුන් ප්‍රහාරයක් සඳහා සූදානම්ව සිටින බවත්ය.

මිට අමතරව ටෙහෙරාන් පාලනයට විරුද්ධ බලුච් සටන්කාමී කණ්ඩායම් ද පාකිස්තානයේ දුරස්ථ කඳුකර කඳවුරුවල සිට දේශසීමාව හරහා ඉරානයට සංක්‍රමණය වෙමින් සිටින බවත් වාර්තා වන අතර මේ සම්බන්ධයෙන් විශේෂඥයින් සඳහන් කර ඇත්තේ, මෙම විවිධ සටන්කරුවන් හරහා ඉරානය තුළ බෙදීම් උග්‍ර කරන බවත්, අවුල් සහගත සිවිල් යුද්ධයක අවදානම වැඩි කරන බවත්ය.

ඉරාකයේ ජනගහනයෙන් 5% ත් 10% ත් අතර ප්‍රමාණයක් කුර්දි වරුන් වන අතර ඔවුන් එක්සත් ජනපද හමුදා සහ බුද්ධි අංශ තුළ සමීප පෞද්ගලික සම්බන්ධතා ගොඩනඟා ගෙන ඇත.