*
Saturday, October 26, 2024
spot_img

Latest Posts

වසර 50කට පසු ඔස්කාර්හි සමාවට බඳුන් වූ සචින් ලිට්ල්ෆෙදර්

ඉතිහාසය පුරාම මිනිසුන් ආගම, ජාතිය, භාෂාව හා සංස්කෘතික විවිධත්වයන් හෝ ශරීර වර්ණය පදනම්ව එකිනෙකාට වෙනස්කොට සැලකීමට ලක්ව ඇත. ලෝකය පුරාම වාර්ගික භේදය සම්බන්ධයෙන් පීඩනයට හා අගතියට ලක්වන පිරිසක් සිටියි. සිය ස්වදේශික විරෝධී ප්‍රචණ්ඩත්වයට සහ වෙනස් කොට සැලකීමට විරෝධය ප්‍රකාශ කිරීම වෙනුවෙන්, සටන්කළ ආදිවාසී කාන්තාවක් මෙලෙස වසර 50කට පසු ඔස්කාර්හි සමාවට බඳුන්ව ඇත. ඈ සචින් ලිට්ල්ෆෙදර්ය.

1890 දී එක්සත් ජනපද හමුදාව විසින් ආදිවාසී ජනතාව සමූලඝාතනය කළ අතර එමඟින් පිරිමින්, කාන්තාවන් සහ ළමයින් සිය ගණනක් මිය ගියහ. එක්සත් ජනපද චිත්‍රපට සහ රූපවාහිනී වැඩසටහන් වල ස්වදේශික ඇමරිකානුවන් අපහාසාත්මකව නිරූපණය විය. 1973 දී චිත්‍රපට ක්ෂේත්‍රය තුළ ස්වදේශික ඇමරිකානුවන්ට ලැබුණු දුර්වල සැලකීමට විරෝධය පළ කරමින් නළු මාලන් බ්‍රැන්ඩෝ “ද ගෝඩ් ෆාදර්” චිත්‍රපටයේ ඔහුගේ රංගනය වෙනුවෙන් ඔස්කාර් සම්මානය ප්‍රතික්ෂප කරන ලදී. ඔහුගේ මෙම පණිවුඩය වේදිකාවට එදින ගෙන ගියේ සචීන් ලිට්ල් ෆෙදර්ය.

ඇය ස්වදේශීය ඇමරිකානු ආදිවාසී කාන්තාවක් වූ අතර සිය ආදිවාසී අයිතීන් වෙනුවෙන් සිය ස්ථාවරය තුළ හිඳිමින් පුද්ගලික පහරදීම් වලට පවා ලක්වෙමින් , වෙනස්කොට සැලකීමේ අපහාසයන් විඳදරාගත් ස්වදේශික ඇමරිකානු ක්‍රියාකාරිනියක විය. ඇය විසින් ඔස්කා වේදිකාවේ 1970 ගණන්වල එක්සත් ජනපද චිත්‍රපට කර්මාන්තයේ ආදිවාසී විරෝධී වර්ගවාදයට එරෙහිව ස්ථාවරයක් ගත් විට අපහාසයන් විඳදරා ගනිමින් ඊට එරෙහිව සිය මතය ප්‍රකාශ කරන්නට වූ අතර මෙහිදී සචීන් ලිට්ල්ෆෙදර්ට සිදු වූ අසාධාරණය සම්බන්ධයෙන් ඔස්කා (චලන චිත්‍ර කලා සහ විද්‍යා) ඇකඩමිය මෙලෙස සමාව ඉල්ලා ඇති බව වාර්තා වේ.

ඔස්කා ඇකඩමිය විසින් ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ දිගු කලක් තිස්සේ ඔබ පෙන්වූ ධෛර්යය අප නොපිළිගෙන ඇත. මේ සඳහා අපි අපගේ බලවත් සමාව සහ අපගේ අවංක ප්‍රශංසාව යන දෙකම පිරිනමන්නෙමු වශයෙනි.

සශිකලා මධුෂාණී_අවුට්බවුන්ඩ් ටුඩේ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan