කොන්දේසි විරහිතව යටත්වන ලෙස ජනාධිපති ට්‍රම්ප් ඉරානයට අනතුරු අඟවයි

සටහන: සශිකලා මධුෂාණි
මාර්තු 07; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ):
ඩ්‍රෝන යානා සහ මිසයිල යොදා ගනිමින් ඊශ්‍රායලයේ සහ ගල්ෆ් කලාපයේ ඉලක්ක වලට ප්‍රහාර එල්ල කිරීම දිගටම කරගෙන යන බැවින්, එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉරානය වෙත කොන්දේසි විරහිතව යටත්වන ලෙස අනතුරු අඟවා තිබේ.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඉරාන තානාපති අමීර්-සයිඩ් ඉරාවානි පසුගිය සතියේ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේදී සඳහන් කර තිබුණේ, එක්සත් ජනපද හා ඊශ්‍රායල හමුදා ජනාකීර්ණ සිවිල් ප්‍රදේශවලට බෝම්බ හෙලන බැවින්එ ක්සත් ජනපදය සහ ඊශ්‍රායලය තම රටට එරෙහිව යුධ අපරාධ සිදුකරන බවයි.

පසුගිය 28වනදා ඇරඹි යුද්ධයේදී ඉරානයට එල්ල කරන ලද එක්සත් ජනපද-ඊශ්‍රායල ප්‍රහාරවලින් අවම වශයෙන් පුද්ගලයින් 1,332 දෙනෙකු මිය ගොස් ඇති අතර ඉරානයේ මිනාබ්හි බාලිකා පාසලට එක්සත් ජනපද හමුදාව එල්ල කළ ප්‍රහාරය හේතුවෙන් සිසුන් 165 දෙනෙකු මිය යාමත් සමඟ ප්‍රහාරය සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයක් සඳහා එක්සත් ජාතීන්ගේ විශේෂඥයින් ඉල්ලා සිටීයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

“සැබෑ වරදකරුවන් තවමත් නිදහසේ සිටිනවා”පාස්කු ඉරිදා ප්‍රහාරයේ වැරදිකරුවකුගෙන් ප්‍රකාශයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW : "සැබෑ වරදකරුවන් තවමත්...

විදුලිබල සහන සඳහා රු. බිලි. 17.2ක අතිරේක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුව අනුමත කරයි.

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW : විදුලි බිල්පත් සම්බන්ධයෙන්...

ශ්‍රී ලංකාව ලබා ඇති කැපී පෙනෙන ප්‍රගතිය IMF අගයයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW : පසුගිය වසර කිහිපය...

ගෙවුණු අගෝස්තුවේ සේවා අපනයනවල කැපී පෙනෙන වර්ධනයක්!

කොළඹ LNW:2026 අගෝස්තු මාසයට අදාළව ශ්‍රී ලංකාවේ අපනයන කාර්යසාධනය...