විදෙස් ප්‍රේෂණවල කැපී පෙනෙන වර්ධනයක්!

රෂිකා හෙන්නායක මාර්තු 07, කොළඹ LNW :

ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම දත්ත වාර්තාවන්ට අනුව 2026 වසරේ මුල් මාස දෙක තුළ විදෙස් ප්‍රේෂණවල කැපී පෙනෙන වර්ධනයක් දක්නට ලැබේ.

විශේෂයෙන්ම පෙබරවාරි මාසය සඳහා ලැබී ඇති ඇමෙරිකානු ඩොලර් මිලියන 729 ක මුදල, පසුගිය වසරේ එම කාලසීමාවට සාපේක්ෂව ඩොලර් මිලියන 180.9 ක සැලකිය යුතු ඉහළ යාමකි.

2026 වසරේ ජනවාරි මාසයට වඩා පෙබරවාරි මාසයේ සුළු අඩුවීමක් පෙන්නුම් කළද, වසරේ මුල් මාස දෙකේ සමස්ත ප්‍රේෂණ එකතුව ඩොලර් බිලියන 1.48 ක් දක්වා වර්ධනය වී ඇත.

මෙය 2025 වසරේ මුල් කාර්තුවට සාපේක්ෂව සියයට 32 ක ප්‍රගතියක් බව එමගින් විස්තර කෙරේ. එහිදී, ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම දත්ත වාර්තාවන්ට අනුව විදේශගත ශ්‍රමිකයන් මෙරට ආර්ථිකයට සපයන දායකත්වයේ ස්ථාවර වර්ධනයක් පෙන්නුම් කරනු ලබයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගෙවුණු අගෝස්තුවේ සේවා අපනයනවල කැපී පෙනෙන වර්ධනයක්!

කොළඹ LNW:2026 අගෝස්තු මාසයට අදාළව ශ්‍රී ලංකාවේ අපනයන කාර්යසාධනය...

සුහුරුපාය ඉදිරිපිට ඉදි කළ ඇවිදින මංතීරුව සහ විවේක ප්‍රදේශය අද සිට ජනතා අයිතියට!

කොළඹ LNW:සුහුරුපාය ඉදිරිපිට ඉදි කළ ඇවිදින මංතීරුව සහ විවේක...

ආණ්ඩුවේ හොරකම් වෙනවා ජනාධිපතිතුමා ඇස්වහගෙන -නාමල් රාජපක්ෂ

කොළඹ LNW:''ඩොලර් බිලියනයක් පන්නනවා, අනේ ජනාධිපතිතුමා ඇස් දෙක වහගෙන....

නාමල්ට අදත් ඇප නෑ..

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW : පාර්ලිමේන්තු මන්ත්‍රී...