සෞඛ්‍ය ක්ෂේත්‍රයේ රෝග නිවාරණ හා ප්‍රතිකාර ක්ෂේත්‍රය ශක්තිමත් කිරීම වැදගත් බවත් නිදහස් නොමිලේ සෞඛ්‍ය මානව සම්පතක් හා මානව මානව අයිතියක් බැවින් සෞඛ්‍ය ක්ෂේත්‍රය වඩාත් ගුණත්මක භාවයෙන් ඉහළ කාර්යක්ෂම විශිෂ්ට සේවා සපයන රාජ්‍ය සුබසාධනයේ වැදගත් අංගයක් ලෙස ක්‍රියාත්මක කරන බවත් එබැවින් එය ශක්තිමත් කිරීමට නිදහස් නිවහල් නොමිලේ සෞඛ්‍ය ක්ෂේත්‍රය ශක්තිමත් කරන අතරතුර එහි පවතින ගැටලුවලට විසදුම් ලබා දෙන විසදුම් සපයන ක්ෂේත්‍රයක් බවට පත් කළ යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
රටක් ලෙස අද අප අභියෝග රැසකට මුහුණ දෙමින් අවදානම් හා අභියෝග රැසක් පවා එල්ල වෙමින් ඇති බවත් මෙවැනි අවස්ථාවක අප රටේ ප්‍රතිපත්තිය විය යුත්තේ ලෝක සාමය උදෙසා කටයුතු කිරීම බවත් විශ්වාසය බිද වැටිම නිසා අද යුදමය තත්ත්වයක් නිර්මාණය වී ඇති නිසා අප රටේ ජාතික අභිලාෂය ජාතික ඉලක්ක ලක්ෂ 220 ජනතාව සුරක්ෂා කරමින් ජාතික ආරක්ෂාව රැක ගෙන ජාත්‍යන්තර මානව හිමිකම් නීතිරීති රැක ගෙන සමබරව සාමය වෙනුවෙන් කැපවූ රටක් ලෙස කටයුතු කළ යුතු බවත් විපක්ෂ නායකවරයා අවධාරණය කළේය.
මේ අවස්ථාවේ අප රටක් ලෙස වගකීමෙන් කටයුතු කළ යුතුයි
විශ්වාස කරන ආකාරයට ජාත්‍යන්තර මානව හිමිකම් ප්‍රඥප්තියට අනුව ප්‍රතිපත්තිමය ලෙස කටයුතු කළ යුතු බවත් දිනෙන් දින පවතින අස්ථාවරත්වය හමුවේ අභියෝග වැඩි වන නිසා රටක් ලෙස වගකීමෙන් කටයුතු කළ යුතු බවත් රටත් ජනතාවත් මාතෘභූමියේත් අයිතිවාසිකම් සුරක්ෂිත යන ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරමින් ජාත්‍යන්තර මානව හිමිකම් වගකීම් ක්‍රියාත්මක කරන රාජ්‍ය තාන්ත්‍රික ක්‍රමෝපානයන් පවා ක්‍රියාත්මක කළ යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
කවුරු කුමන ඉල්ලීම් කළත අප ශක්තිමත් ස්ථවරයක සිටිය යුතුයි
කවුරු කුමන ඉල්ලීමක් කළත් අප ශක්තිමත් ස්ථාවරයක සිටිය යුතු බවත් ජාත්‍යන්තර මානව හිමිකම් ප්‍රඥප්තිය හා නීති රෙගුලාසි ආදී සියල්ලක් ගැන මනා අවබෝධයෙන් අපේ ඉලක්ක සපුරා ගත යුතු බවත් අප රටටත් ජනතාවටත් සිදුවන හානි වළක්වා ගන්නවා සේම මානව අයිතිවාසිකම් සුරක්ෂිත කරමින් ඒකීයභවය භෞමික අඛණ්ඩව සුරක්ෂිත වන ආකාරයෙන් කටයුතු කළ යුතු බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
සත්‍ය යථාර්ථය දැනුම හා කාර්යක්ෂමතාව පදනම් කර ගෙන අපගේ රාජ්‍ය ප්‍රතිපත්ති මෙහෙයවීම තුළ සෑම අභියෝගයකටම නිසි ලෙස ප්‍රතිචාර දැක්විය හැකි බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැති International Healthcare Exhibition හි දෙවැනි දවස ආරම්භයේ ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමිනි.




