අරගලකරුවන්ට බයේ ගෝඨාභයට පිටරට හැංගිලා ඉන්න ඉඩදෙන්න බෑ – ප්‍රසන්න

Date:

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මානව හිමිකම්වලට ගරු කරමින් ඒ මහතාට මෙරටට පැමිණීමට අවශ්‍ය පහසුකම් සැපයිය යුතු බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

“මේ රටේ සාමාන්‍ය පුරවැසියෙන්ට තිබෙන නිදහස හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාටත් හිමිවිය යුතුයි. ඔහු තමන්ගේ ඇමරිකානු පුරවැසිකම අතහැරලා මේ රටට සේවය කරන්න ආපු කෙනෙක්. ඒ නිසා අරගලකරුවන්ට බයේ ඔහුට පිටරට හැංගිලා ඉන්න ඉඩදෙන්න බෑ. ඒක ඔහුගේ මානව හිමිකම් කඩකිරීමක්. ඒ නිසා හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂාව තහවුරු කරලා ඔහුට නැවත මෙරටට පැමිණීමට අවශ්‍ය පහසුකම් සලසන ලෙස අපි ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කළා”

අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මේ බව පැවසුවේ අද (19) මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

යහපාලන සමයේ මුදල් අවභාවිත කිරීමක් ගැන මූල්‍ය අපරාධ කොට්ඨාසයට පැමිණිල්ලක්!

2019 වසරේදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් එප්පාවල...

අශෝක ජයතුංග e කොළම.

🍎මාළිමාව බලයට මෙතරම් කෑදරවීමේ මහා අනතුර.....? 🍎කුඩ්ඩන්, හොරුන් හා මිණීමරුවන්...

ලෝකය පුරා පැතිරී යන Labubu මේනියාව!

සටහන – පුලීජූනි 20, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): දැක්කම හුරුබුහුටි, තවකෙකුට...