ආශිකා බ්‍රාහ්මණ
කොළඹ LNW:ඉරානයට එරෙහි ඇමරිකා සහ ඊශ්‍රායල් යුද්ධය පළමු හෙවත් A සැලැස්මේ සිටම අසාර්ථක බව ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අග්රච් පවසයි.
“සැලැස්ම A අසාර්ථක වූ අතර, දැන් ඔවුන් වෙනත් සැලසුම් උත්සාහ කරමින් සිටින නමුත් ඒ සියල්ල අසාර්ථක වී ඇති බවයි විදේශ කටයුතු අමාත්‍යවරයා සඳහන් කරන්නේ.
ඇමරිකා එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය අවසන් සටනක් ගැන සිතුවේ නැති බවත්, එබැවින් නේවාසික ප්‍රදේශවලට අවිචාරවත් ප්‍රහාර දියත් කරන බවත් ඔහු තවදුරටත් පවසයි.
ඉරානයේ බලශක්ති යටිතල පහසුකම්වලට පහර දීමෙන් ඔවුන් තෙල් මිල අහස උසට ඉහළ නංවා ඇති බවයි ඔහු තවදුරටත් පවසන්නේ.
“ඔවුන් අනුගමනය කරන කිසිදු සාධාරණ ඉලක්කයක් මට නොපෙනේ. ආරම්භයේදීම ඔවුන්ගේ ඉලක්ක සපුරා ගැනීමට ඔවුන් අසමත් වූ අතර, දැන්, දින 10 කට පසු, ඔවුන් ඉලක්ක රහිත යැයි මම සිතමි.” යනුවෙන් ඉරාන විදේශ කටයුතු අමාත්‍යවරයා කියා සිටියි.
ඉරාන විදේශ අමාත්‍යවරයා තවදුරටත් පැහැදිලි කරමින් පවසන්නේ සිය රටේ ආරක්ෂාව වෙනුවෙන් කලාපයේ පවතින එක්සත් ජනපද වත්කම් වෙත පෙරළා පහර දෙන බවයි.
“ඇමරිකානු භූමියට ළඟා විය නොහැකි බැවින්, එක්සත් ජනපදය අපට පහර දුන්නොත්, කලාපයේ ඔවුන්ගේ කඳවුරු, ඔවුන්ගේ පහසුකම්, ඔවුන්ගේ ස්ථාපනයන්, ඔවුන්ගේ වත්කම් වලට පහර දිය යුතු බව අපි දැනටමත් කලාපයේ සෑම කෙනෙකුටම අනතුරු අඟවා තිබෙනවා,” අරග්චි කියාසිටියි.
“අපි කරන්නේ අපව ආරක්ෂා කර ගැනීම පමණයි. අපි ආක්‍රමණශීලී ක්‍රියාවකට මුහුණ දී සිටින අතර එය සම්පූර්ණයෙන්ම නීති විරෝධී” බවද හෙතෙම වැඩිදුරටත් අවධාරණය කරයි.


