හොමුස් සමුද්‍ර සන්ධිය හරහා ඉන්දියානු නැව් ප්‍රවාහනයට ඉරානයෙන් අවසර

සටහන: සශිකලා මධුෂාණි
මාර්තු 14; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ):
දකුණු ආසියාවට බොරතෙල් ආනයනයෙන් 40% ක් සඳහා මාර්ගයක් වන හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ඉන්දියානු ධජය සහිත නැව් ප්‍රවාහනය කිරීමට ඉරානය ඉඩ දෙන බව ඉන්දීය විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක රන්දීර් ජයිස්වාල් ප්‍රකාශ කර තිබේ.

ලෝකයේ අංක 3 තෙල් පාරිභෝගිකයා වන ඉන්දියාවේ විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයශංකර් සහ ඉරානයේ විදේශ කටයුතු අමාත්‍ය සෙයිඩ් අබ්බාස් අරග්චි හා කරන ලද සකච්ජාවල ප්‍රතිඵලයක් වශයෙන් නැව්ගත කිරීමේ ආරක්ෂාව සහ ඉන්දියාවේ බලශක්ති ආරක්ෂාව සම්බන්ධ ගැටළු කෙරෙහි අවධානය යොමු කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් ඉරානය ඉන්දීය ධජ සහිත යාත්‍රා සඳහා ආරක්ෂිතව ගමන් කිරීම සහතික කර ඇත.

ඉරානයට එරෙහිව ඇමරිකා – ඊශ්‍රායල් යුද්ධය ආරම්භ වී පෙබරවාරි 28 වන දා සිට ඉරානය සමුද්‍ර සන්ධියේ අවම වශයෙන් නැව් 16 කට පහර දී ඇති අතර හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා යාමට උත්සාහ කරන ඕනෑම යාත්‍රාවකට පහර දෙන බවට ඉරාන විප්ලවවාදී ආරක්ෂක බළකාය (IRGC) නිවේදනය කර ඇත.

ඉරානය සහ ඕමානය අතර පිහිටා ඇති හෝමූස් සමුද්‍ර සන්ධිය, ලෝකයේ වඩාත්ම තීරණාත්මක තෙල් ප්‍රවාහන මාර්ගවලින් එකක් වන අතර, ගෝලීය තෙල් සැපයුම්වලින් දළ වශයෙන් සියයට 20 ක් ඒ හරහා සිදුකෙරේ,

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්දියාවට තවත් සුළි කුණාටුවක අවදානමක්; දහස් ගණනක් ආරක්ෂිත ස්ථාන කරා ඉවත් කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 02 : සතියක් ඇතුළත...

හම්බන්තොට වරාය විරෝධතා නඩුවේ සැකකරුවන්ට එරෙහිව අධිචෝදනා ගොනු කෙරේ!

රෂිකා හෙන්නායක නොවැම්බර් 02, කොළඹ LNW: හම්බන්තොට ජාත්‍යන්තර වරාය විකිණීමට...

කාන්තාවන්ට දැනුවත් වෙන්න ජාත්‍යන්තර ප්‍රතිපත්ති කිහිපයක් දැන් සිංහල සහ දමිළ බසින්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 02, කොළඹ LNW: පසුගිය (31) දිනට යෙදුණු...

36 වැනි ජාතික යෞවන ක්‍රීඩා උළෙලේ සමාප්තිය!

රෂිකා හෙන්නායක නොවැම්බර් 02, කොළඹ LNW: "බෝ නොවන රෝගවලින් තරුණ...