Home ව්‍යාපාරික ඉන්ධන නිකුත් කිරීම අද සිට QR ක්‍රමයට. එක් එක් වාහන වර්ගයට සතියට...

ඉන්ධන නිකුත් කිරීම අද සිට QR ක්‍රමයට. එක් එක් වාහන වර්ගයට සතියට ලැබෙන ඉන්ධන ප්‍රමාණය මෙන්න !

සටහන – රුවන් නෙළුගොල්ල

මැදපෙරදිග පවතින යුදමය තත්ත්වය හේතුවෙන් දිනෙන් දින ඉන්ධන සැපයුම් මාර්ග අඩපන වෙමින් තිබීමත් රට තුළ ඉන්ධන ඉල්ලුම අසාමාන්‍ය ලෙස ඉහළ යමින් තිබීම හේතුවෙන් රට තුළ පවතින ඉන්ධන සංචිත ප්‍රවේශම් කරගතව යුතුව ඇති බැවින් ඉන්ධන ලබා ගැනීම සඳහා නැවත QR කේතය ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර තිබේ.

ඒ අනුව, අද (15) උදෑසන 06.00 සිට බලපැවැත්වෙන පරිදී ඉන්ධන මිලදී ගැනීම සඳහා මෙම QR කේතය ක්‍රියාත්මක කරන බවයි නිවේදනයක් නිකුත් කරමින් බලශක්ති අමාත්‍යාංශය සඳහන් කරන්නේ.

එසේම අද උදෑසන 06.00 සිට QR කේතය නොමැතිව කිසිදු ඉන්ධන පිරවුම්හලකින් ඉන්ධන නිකුත් නොකරන බවත් එම නිවේදනයේ සඳහන්.

QR කේතය ලබා ගන්නා ආකාරය සම්පූර්ණයෙන් පහතින්

  1. පෙර QR කේතය ලියාපදිංචි කළ අය:

i. වාහනයේ හිමිකාරිත්වය හෝ දුරකථන අංකය වෙනස් වී නොමැති නම්, (14) මධ්‍යම රාත්‍රියේ සිට https://fuelpass.gov.lk/ වෙබ් අඩවියෙන් ඔබට හිමි කේතය භාගත (Download) කරගත හැකිය.

ii.වාහනයේ හිමිකාරිත්වය හෝ දුරකථන අංකය වෙනස් වී ඇති නම්,(15) දින උදෑසන 6.00 සිට https://fuelpass.gov.lk වෙබ් අඩවියෙන් ඔබ නැවත ලියාපදිංචි විය යුතුය.

  1. පෙර QR කේතය ලියාපදිංචි නොකළ සහ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ (RMV ) අලුතින්ම ලියාපදිංචි කරන ලද වාහන:

i. 2026.03.15 දින උදෑසන 6.00 සිට https://fuelpass.gov.lk/ වෙබ් අඩවියෙන් ඔබ ලියාපදිංචි විය යුතුය.

මෙම QR කේත ක්‍රමය යටතේ එක් එක් වාහන වර්ගය සඳහා සතියකට නිකුත් කෙරෙන ඉන්ධන ප්‍රමාණය පහතින් දැක්වේ.

බස් රථ- ලීටර් 60
මෝටර් සයිකල් – ලීටර් 05
වෑන් රථ – ලීටර් 40
මෝටර් රථ – ලීටර් 15
මෝටර් ලොරි – ලීටර් 200
ඉඩම් වාහන – ලීටර් 25
මෝටර් ත්‍රීරෝද රථ- ලීටර් 15
විශේෂ කාර්ය වාහන- ලීටර් 40
ක්වොඩ්‍රිසයිකල් – ලීටර් 5

එමෙන්ම පුද්ගලික මගී ප්‍රවාහන බස් රථ සඳහා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය මගින් ඉන්ධන නිකුත් කරන බවද බලශක්ති අමාත්‍යාංශය සඳහන් කර ඇත.