නිශ්මං රණසිංහ ,මාර්තු 15, කොළඹ LNW:
පවතින ඔලිම්පික් පරිපාලනයෙන් මෙවර ඔලිම්පික් නිලවරණයේදී සභාපති තනතුරට ඉදිරිපත් වන බවට තොරතුරු පැතිර යන පාපන්දු සභාපති ජස්වර් උමාර්ට එරෙහිව කටයුතු කරන බවට සිඳු වූ වාර්තා නිමා වන බවක් පෙන්වමින් ඔහු ඊ්යේ ශ්‍රී ලංකා ඔලිම්පික් නිවහනේ පැවති ඉදිරි නිලවරණය ගැන සාකච්ඡාවට සහභාගී වී සිටිනු දකින්නට ලැබුණා.
එහිදී අප්‍රේල් 25 වන දා නව පරිපාලනයකට ජාතික ඔලිම්පික් කමිටුවේ දොරටු විවර කරමින් නිලවරණය පැවත්වීමට කටයුුතු සූදානම් වෙමින් පවතින බව ද වාර්තා වුණා.
ඉදිරියේදී ජාතික ඔලිම්පික් කමිටුවට ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවෙන් පැවරී ඇති නිමා කළ යුතුව තිබෙන කාරණාවන් ඉටු කිරීමෙන් මේ නිලවරණය පැවත්වීමට ඇති බාධාවන් සියල්ල ඉවත් කර ගත හැකි වෙනවා.ඒ නිසා ජාතික ඔලිම්පික් ක්‍රීඩා සේ පිළිගන්නා ක්‍රිඩාවන් හී පරිපාලන ඒකකවලට නිසි කාලය පසු වී හෝ සිය කැමත්තට අනුව නිලධාරි මණ්ඩලයක් පත් කර ගැනීමට වගකිව යුතු පිරිස් අප්‍රේල් 25 වන දා පසුකර යාමට ඉඩ ලබා නොදීම වැදගත් වෙන අතර ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව සමඟ සම්බන්ධ වෙමින් ඊට අවශ්‍යය මඟ පෙන්වීම කිරීමට ක්‍රීඩා අමාත්‍යංශයේ මැදිහත්වීමද වැදගත් වෙනවා.
මෙහි දැක්වෙන්නේ ජස්වර් උමාර් හේමසිරි ප්‍රනාන්දු ශ්‍රවණාගාරයේ පැවති සාකච්ඡාවට එක්ව සිටි අයුරුයි.



