රත්නපුර,කුරුණෑගල පෙරමුණට,උතුරේ කාන්තා ක්‍රිකට් ගැන වෙනම සළකා බැලීමක් අවශ්‍යය වේ.

නිශ්මං රණසිංහ ,මාර්තු 16, කොළඹ LNW:

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවර්ධනය සඳහා නම් කර තිබෙන ඒ ඒ කළාපවලට අයත් දිස්ත්‍රික්ක අතර පැවත්වෙන අවුරුදු 23 න් පහළ කාන්තා විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ මොණරාගල දිස්ත්‍රික්කය රත්නපුර දිස්ත්‍රික්කය සහ බදුල්ල දිස්ත්‍රික්කය අතර පැවති තරග අවසන් වෙද්දී රත්නපුර දිස්ත්‍රික්කය පෙරමුණේ රැදී සිටියා.ඔවුන් මොණරාගලට එරෙහිව තරග දෙකම ජයගත් අතර බදුල්ලට එරෙහිව තරගයක් පරාජය වුණා.බදුල්ල සමඟ පැවති අනෙක් තරගය ජය පරාජයෙන් තොරව අවසන් කරනු ලැබුවා.බදුල්ල රත්නපුර සමඟ තරගයක් ජයගෙන තරගයක් ජය පරාජයෙන් තොරව නිමා කරගෙන මොණරාගල සමඟ තරගයක් පරාජය වී එක් තරගයක් ජය පරාජයෙන් තොරව කෙළවර කර ගැනීමට සමත් වුණා.

මේ අතර කුරුණෑගල දිස්ත්‍රික්කය සහ පුත්තලම් දිස්ත්‍රික්කය අතර පැවති තරගයෙන් පළමු මුණ ගැසීමේ ප්‍රතිපලයම වාර්තා කරමින් කුරුණෑගල පහසුවෙන් ජය ගනු ලැබුවා.කුරුණෑගල කණ්ඩායම පන්දු ඕව් 20 නිමාවේ කඩුලු 5 ක් දැවී ලකුණු 136 ක් රස් කළ අතර ඊට පිළිතුරු දෙන්නට ගිය පුත්තලම කණ්ඩායමට ලකුණු හඹා යාම වෙනුවට කඩුලු රැකගෙන ඕවර් 20 ක්‍රීඩා කිරීමේ අභියෝගයට මුහුණ දෙන්නට වුණා.අවසානයේ පන්දු ඕවර් 20 නිමා වන විට ඔවුන් කඩුලු 8 ක් දැවී ලකුණු 56 ක් පමණි.කුරුණෑගලට ලකුණු 78 ක ජයක් හිමි විය.

උතුරු ප්‍රාද්ශයට වන්නට කණ්ඩායම්වලට ඇති විශාලතම ප්‍රශ්නය ලෙස දකිනන්නට ලැබෙන්නේ වයිඩ් පන්දු සහ නිපන්දු යොමු කිරිමය.වව්නියා කණ්ඩායම,මුලතිව් දිස්ත්‍රිත්කයට එරෙහිව පැවති තරගයේදී ලබා ගත්තේ ලකුණු 72 ක් පමණි.ඔවුන් සියල්ල පන්දු ඕවර් 17 දී දැවී යන විට එම ලකුණු 72 තුළ අතිරේක ලකුණු 34 ක් දකින්නට ලැබිණ.වයිඩ් පන්දු 24 ක් සහ නිපන්දු 5 ක් ඊට අයත් විය.පිතිකරණයේදී ප්‍රගතියක් පෙන්න්මු කළ මුලතිව් කණ්ඩායම අදාළ ඉලක්කය කඩුලු 4 ක් දැවී පන්දු ඕවර් 11 දී ලබා ගනිමින් ලකුණු පූවරුව 76 ක් කරද්දී ඊට ද අතිරේක ලකුණු 22 ක් එක්ව තිබිණ.එහි වයිඩ් පන්දු 15 ක් සහ නිපන්දු 4 ක් තිබිණ.

මේ ආකාරයට වයස 23 න් පහළ කණ්ඩායම් හරහා ඒ ඒ ප්‍රදේශවල ක්‍රිකට් පරිනාමය වි ඇති ප්‍රමාණයන් හී විශාල වෙනසක් දකින්නට ලැබුණ අතර සිය දිස්ත්‍රික් හරහා කණ්ඩායමට එම ප්‍රදේශ ගොනු කර ගන්නට හැකි මට්ටමට මේ තරගාවලිය කරන ලද බලපෑම වැදගත්ය.ගාල්ල ඉතා පහසුවෙන් තමන්ගේ කළාපය තුළ ඉදිරියෙන් සිටින බව පැහැදිළි කළ අතර කුරුණෑගල ද එබඳුය.රත්නපුර,මොණරාගල සහ බදුල්ල කාන්තා කණ්ඩායම් අතරින් වඩාත් ඉදරියෙන් සිටින කණ්ඩායම් දෙක මොණරාගල සහ බදුල්ල ලෙස සමාජගතව තිබුණ ද,අවසානයේ රත්නපුර එම දිස්ත්‍රික්ක අතරින් ඉදිරියට පැමිණියේය.

මෙහි දී මෙම කණ්ඩායම් හරහා ජයග්‍රාහකයින් තෝරා ජාතික මට්ටමේ තරගාවලියකට රැඟෙන ගිය ද,කණ්ඩායම් සංයුතිය අනුව දිස්ත්‍රික්කයෙන් දිස්ත්‍රික්කය සළකා බලද්දී දක්ෂතා සමාන මට්ටමක නොමැත.ආසන්න බව ගැන සැළකිල්ල යොමු කරද්දී ද තත්ත්වය විශාල පරස්පරතා පෙන්වන්නේය.ඒ අනුව ඉදිරියේදී වසර කිහිපයක් හරහා ඒ ඒ දිස්ත්‍රික්කවල ක්‍රීඩාවේ ශිල්පීය ක්‍රමයන් දියුණු කරන්නට එකිනෙකට වෙනස් ආකාරයේ වෙහෙසවීම් දරන්නට සිඳුවනු ඇත.ඒ නිසා මේ තරගාවලිය රට කියවා ගැනීමේ සහ අනන්‍යථා පරික්ෂාවේ වැදගත් පියවරකි.