තෙල් මිල වැඩිවුණා වගේම අනෙකුත් අත්‍යාවශ්‍ය භාණ්ඩ මිලත් වැඩිවෙන්න පුළුවන් – ඇමති වසන්ත

මැදපෙරදිග කලාපයේ යුදමය තත්වය හේතුවෙන් මෙරට සැපයුම් ජාලවලට සිදුව ඇති බලපෑම් අනුව අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුළු අනෙකුත් භාණ්ඩවලත් මිල වැඩිවීම් සිදුවිය හැකි බව වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසයි.

“දෛනිකව මේ යුද තත්වයේ වර්ධනයන් අපේ රටේ සැපයුම් ජාලාවලට තෙල් සැපයුම, ගෑස් සැපයුම විතරක් නෙවෙයි අත්‍යාවශ්‍ය පාරිභෝගික භාණ්ඩ, විශේෂයෙන් අල, ළූණු, සීනි, පරිප්පුවල ඉඳන් අපි පිටින් ගේන්නෙ. අපිට ප්‍රමාණවත් සහල් තියෙනවා. මාස තුනකට හතරකට අතිරික්ත සහල් නිෂ්පාදනයක් අපේ රටේ දැනටත් තියෙනවා. අපිට 80%ක් පමණ අල පිටරටින් ගේනවා, 80%ක් පමණ ළූණු පිටරටින් ගේනවා, 100%ක් පරිප්පු පිටරටින් ගේන්නෙ, සීනි 90%ක් පිටරටින් ගේන්නෙ. හාල්මැස්සො වගේ ඒවා අපිට සෘජු බලපෑමක් ආවා, අපි දැන් තායිලන්තයෙන් ගේන්නෙ. කලින් 70%ක් ආවෙ ඉරානයෙන්. ඉන්දියාව, පාකිස්ථානය, චීනය වගේ රටවලින් අපිට තවත් භාණ්ඩ විශාල ප්‍රමාණයක් ආවා. ඉතින් මේ සැපයුම් මාර්ගවල තියෙන තත්වය අපට පමණක් නෙවෙයි ඒ රටවල්වලටත් අදාළයි. නැව් ගාස්තු ඉහළ ගිහිල්ලා තියෙනවා. රක්ෂණ ගාස්තු ඉහළ ගිහිල්ලා තියෙනවා. ඒ නිසා යම් මිල වෙනස් වීම් වෙන්න පුළුවන්කම තියෙනවා. තෙල් මිල වැඩිවුණා වගේම අනෙක් භාණ්ඩවලත් යම් සුළු වෙනස්කම් විය හැකිවෙලා තියෙනවා. ඒ නිසා අපි දෛනිකව මේ පිළිබඳ විමර්ශනය කරමින් පාරිභෝගිකයාට මේ භාණ්ඩ සැපයීම සඳහා පහසුකම් සැපයීමට අවශ්‍ය කළමනාකරණය රජයක් වශයෙන් කරන්න උත්සාහ කරමින් තිබෙන්නෙ. එහෙත් දෙනිකව සිදුවන වෙනස්කම් අප මොන කළමනාකරණය කරන්න හැදුවත් බලපෑම් ඇතිකරන්න පුළුවන්”

අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා මේ බව පැවසුවේ ඊයේ (16) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දශකයක හරිත අභිමානය: උසස් අධ්‍යාපනයේ නව මානයන් තැනූ NSBM 10 වැනි සංවත්සර සැමරුම…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 26, කොළඹ LNW : සදාහරිත අනාගතයක ඇරඹුම...

ඔක්තෝබර් 7 ප්‍රහාරයේ වගකීම ගැන නෙතන්යාහුට දැඩි පීඩනයක් — ඊශ්‍රායලයේ තීරණාත්මක මැතිවරණය හෙට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 26: 2023 ඔක්තෝබර්...

සැකකරුවෙකු පොලිස් භාරයේ සිටියදී මියයාම : හෝමාගම පොලිසියේ නිලධාරීන් තිදෙනෙකුගේ වැඩ තහනම්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 26, කොළඹ LNW : හෝමාගම පොලිස් ස්ථානයට...

ග්‍රාමීය සංවර්ධන වැඩසටහන් සඳහා 2026 වසරේදී රුපියල් මිලියන 180,000ක ප්‍රතිපාදන!

කොළඹ LNW:ප්‍රජා ශක්ති දිළිඳුකම තුරන් කිරීමේ ජාතික ව්‍යාපාරය ඇතුළු...