රෂිකා හෙන්නායක මාර්තු 17, කොළඹ LNW :
ශ්‍රී ලංකාවේ පවතින ඉන්ධන සංචිත සහ ඉදිරි විදුලි කප්පාදුවක ඇති හැකියාව පිළිබඳව බලශක්ති අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී කළ විශේෂ ප්‍රකාශයක් කර ඇත.
ඒ අනුව, දැනට අඛණ්ඩව විදුලිය ලබා දුන්නද, පවතින බලශක්ති අර්බුදය හමුවේ ඉදිරියේදී විදුලිය විසන්ධි කිරීමට සිදුවිය හැකි බව අමාත්‍යවරයා මෙහිදී අනතුරු අඟවා ඇත.
මෙරට පවතින පෙට්‍රල් සහ ඩීසල් තොග සාමාන්‍ය පරිභෝජනය යටතේ ප්‍රමාණවත් වන්නේ කුමන දින වකවානු දක්වාද යන්න පිළිබඳවද දත්ත සහිත විස්තරයක් කර තිබේ,
ඒ අනුව.
පෙට්‍රල් 92 වර්ගය – අප්‍රේල් 23 වෙනිදා දක්වා
පෙට්‍රල් 95 වර්ගය – මැයි 10 වෙනිදා දක්වා
ඩීසල් – අප්‍රේල් 12 වෙනිදා දක්වා
සුපර් ඩීසල් – මැයි 10 වෙනිදා දක්වා ලෙස තෙල් සංචිත පවතින බව බලශක්ති අමාත්‍යවරයා පවසා ඇත.
එහිදී විශේෂයෙන්ම ඩීසල් සහ පෙට්‍රල් වර්ග අනුව ඒවා අවසන් විය හැකි කාලසීමාවන් පිළිබඳව පැහැදිලි පුරෝකථනයක් ඉදිරිපත් කර තිබේ.
රටේ බලශක්ති සුරක්ෂිතතාව සම්බන්ධයෙන් පවතින තීරණාත්මක තත්ත්වය ව මගින් මනාව පැහැදිලි වේ.



