ඉරානයට එරෙහි ඇමරිකා-ඊශ්‍රායල් යුද්ධය ‘අපේ යුද්ධයක් නොවන බව’ NETO සාමාජිකයන් ට්‍රම්ප්ට කියයි

සටහන: සශිකලා මධුෂාණි
මාර්තු 17; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ):
ඉරානයට එරෙහි ඇමරිකා-ඊශ්‍රායලය යුද්ධය හේතුවෙන් ඉරානයට විසින් වසා දමා ඇති තීරණාත්මක තෙල් ප්‍රවාහන මාර්ගයක් වන හෝමූස් සමුද්‍ර සන්ධිය විවෘත කිරීමට අමෙරිකානු මිත්‍ර රටවල්වල යුධ සහය දක්වන ලෙස කරන ලද ඉල්ලීම Neto රටවල් විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

ජර්මනිය, ඉතාලිය, ස්පාඤ්ඤය, ප්‍රසිද්ධියේම ජනාධිපති ට්‍රම්ප්ගේ යෝජනාව ප්‍රතික්ෂේප කර ඇති අතර එක්සත් රාජධානිය, චීනය, ප්‍රංශය, ජපානය, දකුණු කොරියාවද සිය අකමැත්ත ප්‍රකශ කර තිබේ.

මෙහිදී Neto සාමාජිකයන් සඳහන් කර තිබුණේ, ඉරානයට එරෙහි ඇමරිකා-ඊශ්‍රායල් ප්‍රහාරය අපේ යුද්ධයක් නොවන බවත්, Neto වේ අනුමැතියකින් ආරම්භ වූ යුද්ධයක් නොවන බවත්ය.

Neto සාමාජිකයන්ගේ මෙම ප්‍රකාශයත් සමඟ ජනාධිපති ට්‍රම්ප් සඳහන් කර තිබුණේ, ඇමරිකා එක්සත් ජනපදය මෙතෙක් කල් සිය යුරෝපීය මිත්‍ර රටවල් සමඟ ඉතා සුහදශීලීව කටයුතු කළ බවත්, නේටෝ (NATO) සංවිධානය ඉතා නරක අනාගතයකට මුහුණ දෙනු ඇති බවත්ය,

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බැංකු ගිණුම් විවෘත කිරීම ඇතුළු වැඩ 8ක් සඳහා TIN අංකය අනිවාර්යය කිරීම 2027 අප්‍රේල් දක්වා කල් දමයි

සටහන - රුවන් නෙළුගොල්ල නිශ්චිත ගනුදෙනු 08ක් සඳහා බදු ගෙවන්නන්...

සංවිධානාත්මක අපරාධ පනතේ ප්‍රශ්නගත පැය 72 වගන්තිය ඇතුළු කරුණු 3ක් සංශෝධනය කරනවා – ජනපති

සටහන - රුවන් නෙළුගොල්ල පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති සංවිධානාත්මක අපරාධ...

යුරෝපය පුරා මගී ගුවන් යානා 25කට වැඩි සංඛ්‍යාවකට බෝම්බ තර්ජන

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 05: යුරෝපය පුරා මගී...

කොළඹ කොටස් වෙළඳපොලේ සුවිශේෂී වර්ධනයක්. දින දෙකකදී ASPI ඒකක 1000කින් ඉහළට

සටහන - රුවන් නෙළුගොල්ල කොළඹ කොටස් වෙළඳපොලේ සියලු කොටස් මිල...