සාධාරණව උද්ඝෝෂණ කරන්නන්ට ත්‍රස්තවාදී ලේබලය ගහන්න ආණ්ඩුව හදනවා – සජිත්

Date:

ප්‍රජාතන්ත්‍රවාදී රටක භාෂණයේ, රැස්වීමේ, උද්ඝෝෂණය කිරීමේ නිදහස ඇති නමුත් අද වන වන විට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත හරහා ලංකාවේ එම නිදහස සහමුලින් ඉවත් කොට ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

වසන්ත මුදලිගේ ඇතුළු පිරිසක් රැඳවුම් නියෝග මත ත්‍රස්තවාදය ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත උපයෝගී කරගනිමින් අන්දවාගෙන තබා ගැනීමට කටයුතු කරමින් සිටින බව පැවසූ විපක්ෂ නායකතුමා මෙය රාජ්‍ය මිලේච්ඡත්වය ලෙසද හැඳින්විය.

රාජ්‍ය මිලේච්ඡත්වය, රාජ්‍ය ත්‍රස්තවාදය, රාජ්‍ය ප්‍රචණ්ඩත්වය, සහමුලින් හෙළාදකින බව පැවසූ විපක්ෂ නායකතුමා, මේ රටේ ඕනෑම ජනකොටසක් සතු අයිතිවාසිකම් වෙනුවෙන් මෙන්ම ඔවුන්ගේ නිදහස සුරක්ෂිත කරවීම වෙනුවෙන් ද තමන් ඇප කැපවෙන බවද පැවසීය.

මේ රටේ සමස්ත ජනතාව එක් වී පලවා හැරී රාජපක්ෂවරුන් නැවත කරළියට ගෙන ඒමේ කටයුත්ත පොහොට්ටුව සිදුකරමින් සිටින බව පැවසූ විපක්ෂ නායකතුමා ඒ කටයුත්ත වෙනුවෙන් සහයෝගය ලබා දුන්නේ බල න්‍යාය පත්‍රය මත වැජඹෙනු නායකයින් බවද පෙන්වා දුන්නේය.

සමගි ජන බලවේගයේ රුවන්වැල්ල ආසන බල මණ්ඩල රැස්වීම 20 වනදා පැවැත්විණි. එය සංවිධානය කළේ, සමගි ජන බලවේගයේ රුවන්වැල්ල ප්‍රධාන ආසන සංවිධායිකා තුසිතා විජේමාන්න මහත්මිය විසිනි. එම අවස්ථාවට අති විශාල පිරිසක් එක්ව සිටියහ.

රටේ ජනතාව අප්‍රමාණ දුක් පීඩාවට ලක්ව සිටියේ දී ලක් ව සිටිය දී ඔවුන්ට කිසිදු වන්දියක් ලබා ගත් නොදැන තත්ත්වයක් තුළ, ඇමති වරප්‍රසාද ලබා ගැනීමට හැකි කාට දැයි විමසූ විපක්ෂ නායකතුමා තමන් හෝ සමගි ජන බලවේගය හෝ සමගි ජන සන්ධානය එවැනි පාවාදීමකට කිසිසේත් සූදානම් නැතැයි ද අවධාරණය කළේය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලොකුගේ නික්ම යයි

නිශ්මං රණසිංහ ජූලි 01, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ සිටිය ක්‍රීඩා...

ලෝක ආර්ථික සමුළුවේදී මම කරපු කතාව විකෘති කරලා – ඇමති හඳුන්

සටහන - රුවන් නෙළුගොල්ල ලෝක ආර්ථික සමුළුවේදී තමන් කළ කතාව...

කාන්තා පාපන්දු පරාජයන් හී ඇත්තේ දොස්වලට වඩා හිස්

නිශ්මං රණසිංහ ජූලි 01, කොළඹ LNW: ශ්‍රී ලංකාව ආසියානු කුසලාන...

කහවත්තේ තරුණයින් දෙදෙනෙකුට වෙඩි. එක් අයෙක් මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල කහවත්ත, යාඉන්න ප්‍රදේශයේදී ඊයේ (30) රාත්‍රියේ...