Home විදෙස් ඉරාන කාන්තා පාපන්දු කණ්ඩායමේ ආන්දෝලනාත්මක මව්බිම් පැමිණීම….

ඉරාන කාන්තා පාපන්දු කණ්ඩායමේ ආන්දෝලනාත්මක මව්බිම් පැමිණීම….

රෂිකා හෙන්නායක මාර්තු 20 ,ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

ඔස්ට්‍රේලියාවේ පැවති ආසියානු කුසලාන පාපන්දු තරගාවලියට සහභාගී වූ ඉරාන කාන්තා පාපන්දු කණ්ඩායම යළි සිය මව්බිමට පැමිණීමෙන් පසු එරට බලධාරීන්ගෙන් උණුසුම් පිළිගැනීමක් හිමි වූ බව විදෙස් වාර්තා පවසයි.

තරගාවලිය අතරතුර ක්‍රීඩිකාවන් කිහිප දෙනෙකු දේශපාලන රැකවරණ පැතූ නමුත් පසුව ඔවුන් සිය තීරණය වෙනස් කර යළි ඉරානයට පැමිණ ඇති බව මෙහි සඳහන් වේ.

ක්‍රීඩිකාවන් මෙලෙස නැවත පැමිණ ඇත්තේ ඉරාන රජය ඔවුන්ගේ පවුල්වලට බලපෑම් කිරීම නිසා බවට මානව හිමිකම් ක්‍රියාකාරීන් චෝදනා කළද, එරට නිලධාරීන් පවසන්නේ ක්‍රීඩිකාවන් සිය දේශප්‍රේමීත්වය නිසා ස්වේච්ඡාවෙන් පැමිණි බවයි.

ටෙහෙරාන් නුවර පැවති උත්සවයකදී මෙම ක්‍රීඩිකාවන් රජයට පක්ෂපාතී බව ප්‍රදර්ශනය කෙරුණු අතර, සිද්ධිය සම්බන්ධයෙන් දෙපාර්ශ්වයම විවිධ මතවාද ඉදිරිපත් කර තිබේ.