හංවැල්ලේ නීතිවිරෝධී ඉන්ධන ජාවාරම වටලයි!

facebook sharing buttonරෂිකා හෙන්නායක මාර්තු 20, කොළඹ LNW :

හංවැල්ල පොලිසිය විසින් ඇඹුල්ගම ප්‍රදේශයේ සිදුකළ මෙහෙයුමකදී නීතිවිරෝධී ලෙස ඩීසල් තොග රැස්කර සිටි පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

අලෙවි කිරීමේ අරමුණින් වෙළඳසැලක් තුළ සඟවා තිබූ ඩීසල් ලීටර් 720කට ආසන්න ප්‍රමාණයක් මෙහිදී පොලිස් භාරයට ගෙන තිබේ.

මෙම ඉන්ධන තොගය බූලි සහ බැරල් 40ක පමණ බහා තිබූ බව වාර්තා වේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් හෝමගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු හංවැල්ල පොලිසිය විසින් දැනටමත් ආරම්භ කර ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නේපාලය නැවතත් ගංවතුර තත්වයකට මුහුණ දේ(video)

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 11: නේපාලය නැවතත්...

ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝට පෘතුගාලයෙන් තරඟ තහනමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 11: පෘතුගාල පාපන්දු...

බලවතුන්ට පමණක් නීතියෙන් බේරී සිටිය හැකි කාලය අවසන් – ජනපති අනුර!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 11, කොළඹ LNW : ජනාධිපති අනුර කුමාර...

අනෝජන්ගේ මරණ දඬුවමට එරෙහි අභියාචනය සෞදි ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කරයි

සෞදි අරාබියේදී මරණීය දණ්ඩනය නියම වී සිටින ශ්‍රී ලාංකිකයකු...