*
Saturday, September 21, 2024
spot_img

Latest Posts

සවුදියට ක්‍රීඩාව පවු සෝදා ගන්නද?

ඔලෙක්සැන්ඩර් ඔසික් සහ ඇන්තනී ජොෂුවා අතර පැවති හෙවිවේට් බොක්සිං තරගය ඇසුරේ මාධ්‍යයට අදහස් දැක් වූ සෞදි අරාබියේ ක්‍රීඩා අමාත්‍ය සහ සෞදි ඔලිම්පික් සහ පැරාලිම්පික් කමිටු සභාපති අබ්දුල්අසීස් බින් තුර්කි අල්-ෆයිසාල් අල් සවුද් කුමරු පෙන්වා දුන්නේ සවුදි අරාබිය ඉදිරියේදි ක්‍රීඩාවෙන් විශාල ප්‍රගතියක් අත් කර ගැනීමට සූදානම් බවයි.විශේෂයෙන්ම එහි ආර්ථිකය තෙල්වලින් බැහැරව විවිධාංගීකරණය කිරීම සඳහා රට බොහෝ ක්‍රීඩා ඉසව් පැවැත්වීමට යොමු කිරිමද ප්‍රධාන අපේක්ෂාවන් අතරට එකතුවන බව පැවසූ ක්‍රීඩා අමාත්‍යවරයා ඉදිරියේදී එරට ජාත්‍යන්තර ඉසව් සඳහා මැදිහත්වීමේ බලාපොරෙත්තුද පැහැදිළි කළේය.
නමුත් දේශපාලන විචාරකයන්ට අනුව සවුදි අරාබිය තමන්ගේ රට තුළ සිඳු කරන මානව හිමිකම් උල්ලංඝණය කිරීම් ක්‍රීඩාවට දක්වන දායකත්වය තුළින් වසා ගන්නට පහත් අන්දමින් කටයුතු කරමින් ඇත. මාධ්‍යවේදී ජමාල් ඛෂෝගි රාජ්‍ය නියෝග මත ඝාතනය කිරීම, යේමනයේ බෝම්බ ප්‍රහාරවලදී සෞදි අරාබියේ භූමිකාව, කාන්තා අයිතීන් සහ භාෂණයේ නිදහසට එල්ල වූ දැඩි සීමා කිරීම්, මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමආදි කරුණු විචාරකයෝ ඊට හේතු ලෙස ගෙන දක්වති.වසර 34 ක සිර දඩුවමකට යටත් කරන සිටින සල්මා අල් සහබ් මානව හිමිකම් ක්‍රියාකාරිණියගේ නින්දා සහගත සිර දඩුවම උපුටා දක්වමින් සෞදි අරාබිය කාන්තා අයිතිවාසිකම් වැඩිදියුණු කිරීම සම්බන්ධයෙන් බොරු කියන බව ඔප්පු වන බවත් එම විචාරකයෝ පවසති.
එහෙත් ඒ සම්බන්ධයෙන් අදහස් දක්වන ක්‍රීඩා අමාත්‍ය ෆයිසාල් අල් සවුද් කුමරු පවසන්නේ සවුදි අරාබිය ප්‍රගතියක් ලබන බවත්, යහපත් සමාජයක් කරා ගමන් කරමින් සිටින බවත්ය. අනාගතය සඳහා වඩා හොඳ ජීවන තත්ත්වයක්, යහපත් රටක් කරා අපි ගමන් සවුදි අරාබිය ගමන් කරන බව ඔහුගේ අදහසය.
එසේම ක්‍රීඩාව ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ප්‍රතිලාභයක් නම්, ක්‍රීඩාවට ප්‍රතිලාභයක් නම්, ක්‍රීඩාව කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන්නේ නම්, ක්‍රීඩාවට සහභාගී වීමට කැමති වැඩි පිරිසක් ආකර්ෂණය කර ගන්නේ නම්, එය සෑම කෙනෙකුටම ජීවිතය යහපත් වර්ධනයකට කැඳවාගෙන යන්නට මඟ පෙන්වනු ඇති බව ද ක්‍රීඩා අමාත්‍යවරයාගේ අදහසය.
2027 ආසියානු කුසලානය සහ 2026 කාන්තා ආසියානු කුසලානය, 2029 ආසියානු ශීත ඍතු ක්‍රීඩා උළෙල වැනි කරුණු සඳහා මේ වන විටත් ලංසු ඉදිරිපත් කර ඇති සවුදි අරාබිය 2025 වසරේ ලෝක සටන් ක්‍රීඩා උළෙල සහ 2025 ආසියානු ගෘහස්ථ හා සටන් කලා ක්‍රීඩා උළෙලද පැවැත්වීමට නියමිතය.එසේම 2034 ආසියානු කීඩා උළෙලෙන් නොනැවතී තමන් ලිම්පික් තරගාවලියක් පැවත්වීමට හැකි රටක් ලෙස ද විශ්වාසය තහවුරු කර ගනිමින් සිටින බව ද මෙහිදී ක්‍රීඩා අමාත්‍යවරයාගේ අදහස්වලින් කියවිණ.
නමුත් වඩා වැදගත් සහ ලෝකයට ප්‍රිය මනාප තැනක් වන්නේ දියුණු මානව හිමිකම් ක්‍රියාකාරීත්වයක් පිළිබඳ සහතිකය ලෝකයෙන් ලබා ගැනීමට හැකි රටකට බව මෙහිදි සවුදි අරාබිය සැහැල්ලුවෙන් ගත යුතු නැත.ක්‍රීඩා පිටිය මේ මොහොත වන විට මිනිසා සම්බන්ධ දියුණුම මානවීය හැඟීම ස්ථාපිත කළ තැනක් වන අතර එහි කිසිඳු බේදයක් ගැන සැළකීමක් නැති අතර සියල්ල විද්‍යාත්මක කරුණු මත මිත්‍යාවෙන් බැහැර ලෝකයකට විවෘත කර ඇත.ක්‍රීඩාව දැඩි මානව හිතවාදී, සියල්ලන් සමානයන් සේ සළකන බිමක් බවට පත් කරන්නට සූදානම් කිරීමේ උතුම් කාර්යය මේ වන විට ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව මෙන්ම ඊට සම්බන්ධිත ජාත්‍යන්තර ක්‍රීඩා පරිපාලන ඒකකද සිය වගකීමේ මූලික හරයක් බවට පත් කර ගෙන ඇත.

RM

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan