පොහොරත් නෑ සල්ලිත් නෑ ! චීන පොහොර නැවට ගෙවූ සල්ලි වතුරේ !

Date:

අර්බුදයට ලක් වූ චීන කාබනික පොහොර නැවට ගෙවූ මුදල් නැවත අයකර ගත නොහැකි වී ඇති බව කෘෂිකර් අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. තමන් ඇමති ධුරයට පත් වූ සැනින් අදාල මුදල යළි අයකර ගැනීමට ඇති හැකියාව සම්බන්ධයෙන් සොයාබැලූ බවත් කෙසේ නමුත් එම උත්සාහය අසාර්ථක විය හැකි බවත් ඇමතිවරයා පවසනවා.

මෙරට වගා කටයුතු සඳහා කාබනික පොහොර පමණක් භාවිතා කිරීමට ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා ගත් තීරණයට අනුව අදාල පොහොර නැව ආනයනය කර තිබූ අතර මෙරටදී සිදුකළ පරීක්ෂණවලදී තහවුරු වූයේ අදාල පොහොර වගා කටයුතු සඳහා භාවිතා කළ හැකි මට්ටමේ නොමැති බවයි. පොහොර නෞකාව සඳහා රුපියල් ලක්ෂ 69 ක මුදලක් ගෙවීමට සිදු වූ අතර හිටපු කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ප්‍රකාශ කළේ අදාල මුදල් යළි අයකර ගැනීමට හෝ පොහොර ලබා ගැනීමට හෝ කටයුතු කරන බවයි.

කෙසේ නමුත් වත්මන් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසන්නේ මෙම ගැටලුව විසඳාගත නොහැකි මට්ටමක පවතින බවයි. අවසානයේදී සල්ලිත් නොමැති වී පොහොරත් නොමැති වන තත්වයක් උද්ගත වී ඇති බවද ඇමතිවරයා පවසනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

තේරුම් කමිටුව නිර්භිත විය යුතු සහ හෘද සාක්ෂියට අවංක විය යුතු මොහොතක්

නිශ්මං රණසිංහ අගෝස්තු 18, කොළඹ LNW: සිම්බාබ්වේ යන්නෙ බංගලින්ගෙන් කාලාශ්‍රී ලංකාව...

කුමාර ජයකොඩි ඇමතිවරයා සම්බන්ධයෙන් ආණ්ඩුව ගන්න ක්‍රියාමාර්ගය මොකක් ද? – පුබුදු ජයගොඩ

රටේ වත්මන් දේශපානලන තත්වය සම්බන්ධයෙන් අදහස් දැක්වීම සඳහා පෙරටුගාමී...

රාජිතගෙන් මෝසමක්!

කොළඹ LNW:අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින්...

රතන හිමිට එරෙහිව වරෙන්තු!

කොළඹ LNW:පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ට එරෙහිව අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු...