බිත්තර මිල ගැන ඇමති සහ නිෂ්පාදකයින් අතර එකඟතාවක් …

Date:

බිත්තරයක උපරිම සිල්ලර මිල රුපියල් 50ක් වශයෙන් අලෙවි කිරීමට අවස්ථාව ලබාදීමට වෙළඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා එකඟ වූ බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය පවසයි.

එම සංගමයේ නියෝජිතයින් මේ බව පැවසුවේ ඊයේ (24) දිනයේදී අමාත්‍යවරයා හමුවී සාකච්ඡා කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

සුදු බිත්තරයක් රුපියල් 43ක් සහ රතු බිත්තරයක් රුපියල් 45ක් වශයෙන් උපරිම සිල්ලර මිල නියම කරමින් රජය පසුගිය සතියේදී ගැසට් නිවේදනයක් නිකුත් කර තිබුණු අතර එම මිලට බිත්තර අලෙවි කිරීමට නොහැකි බව කියමින් බිත්තර නිෂ්පාදකයින් සිය දැඩි විරෝධය පළකර තිබිණි. පසුගිය සතිය වනවිටත් සාමාන්‍ය වෙළඳපොලේ බිත්තරයක මිල රුපියල් 60 ඉක්මවා ගොස් තිබිණි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රෝසමල් සහ චොකලට් පෙට්ටිවලින් එහා ගිය අමතකකර දැමූ වැලන්ටයින් කතාව

රෝසමල් සහ චොකලට් පෙට්ටිවලින් එහා ගිය අමතකකර දැමූ වැලන්ටයින් කතාව

කොළඹ වරායේ බහාලුම් 323ක අබිරහස: අමාත්‍යවරයෙකුගේ ඉල්ලා අස්වීම පිටුපස ඇති කතාව

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : ශ්‍රී ලංකා ආර්ථිකයේ...

තලංගමදී වෙඩිතැබීමක්: දෙදෙනෙකු මරුට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : තලංගම අකුරේගොඩ ප්‍රදේශයේ...

ජීවිතය දෙස බළල් සුරතලුන්ගේ ඇසින්: Alia Bhatt අපට කියාදෙන පාඩම්…

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...