මෙන්ඩිස් සමාගමේ හිඟ බදු ගෙවනවාද, නැද්ද කියන්නැයි ඇලෝෂියස්ට නියෝගයක්

සටහන – රුවන් නෙළුගොල්ල

ඩබ්ලිව්. එම්. මෙන්ඩිස් මත්පැන් නිෂ්පාදන සමාගම විසින් පැහැර හැර ඇති බව කියන රුපියල් මිලියන 1035කට අධික වැට් බදු මුදල් රජයට යළි ගෙවා නිම කරන්නේද, නැද්ද යන්න පිළිබඳව ජුනි 25 වනදා දැනුම් දෙන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

ඒ, මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂවරුන් වන අර්ජුන් ඇලෝෂියස් සහ රන්දිව් දිනේෂ් ජෝෂප් යන අයට එරෙහිව දේශීය ආදායම් කොමසාරිස්වරයා විසින් ගොනුකර ඇති නඩුව ඊයේ (26) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ඕෂධ මිගාර ආරච්චි මහතා හමුවේ කැඳවූ අවස්ථාවේදී ය.

නඩුව කැඳවූ අවස්ථාවේදී විත්තිකරුවන් අධිකරණයේ පෙනී නොසිටි අතර ඔවුන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා, කොළඹ මහාධිකරණයේ පවතින නඩු කටයුත්තක් හේතුවෙන් විත්තිකරුවන්ට මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණීමට නොහැකි බැවින් නඩුව සඳහා වෙනත් දිනයක් ලබාදෙන ලෙස ඉල්ලා සිටියේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...