පොලීසියේ ඵලදායීතාව නංවන්න උදය ශ්‍රී කාරියවසම්ගෙන් පොලිස්පතිට විවෘත ලිපියක්!

ආචාර්ය උදය ශ්‍රී කාරියවසම් මහතා ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව වෙත විශේෂ ලිපියක් යොමුකර තිබේ.

සාමාන්‍ය පුරවැසියෙකු ලෙස ඔහු එය පොලිස්පතිවරයා වෙත යොමුකර තිබෙන අතර ජනතා බදු මුදලින් යැපෙන රජයේ ආයතනයක් ලෙස ශ්‍රී ලංකා පොලීසිය වෙතින් පෙරළා මහජනතාවට සේවයක් සැලසෙන්නේ දැයි යන්න එහි අවධානය යොමුකර ඇත.

රට තුළ නීතියේ ආධිපත්‍ය පවත්වාගෙන යාමට බැඳී සිටින රජයේ ආයතනයක් ලෙස පොලීසිය දැක්වුවද නීතිය උල්ලංඝනය වන්නේ ඔවුන් තුළින්ම නම් එය නීතියේ ආධිපත්‍ය බිඳ වැටිමක් බව කාරියවසම් මහතා පෙන්වා දෙයි.

එමෙන්ම මහජන බදු මුදලින් නඩත්තු වන පොලීසිය මහජනයාට නිදහස්ව සහ සාමකාමීව ජීවත්වීමට සුදුසු පරිසරයක් තහවුරු කිරීමට අපොහොසත් නම් එය පොලිස් දෙපාර්තමෙතුවට වැය කරන මහජන බදු මුදල් කිසිසේත්ම සාධාරණීකරණ කළ නොහැකි බවයි ඔහු අවධාරණය කරන්නේ.

කෙසේවෙතත් පොලිස් දෙපාර්තමේන්තුවේ ඵලදායිතාව ඉහළ නංවා ගැනීමට කිසියම් සහයෝගයක් අවශ්‍ය වන්නේ නම් කිසිදු මුදලක් අයනිකර එම සේවය ලබා දීමට හැකි බවද උදය ශ්‍රී කාරියවම මහතා එම ලිපියේ දක්වා ඇත.

උදය ශ්‍රී කාරියවසම් මහතා මේ වන විට රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුවේ සභාපතිවරයා ලෙස සේවය කරමින් පසුවෙයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හම්බන්තොට දැවැන්ත ගෑස් පර්යන්තය පිළිබඳ තීරණයක් ගැනීමට ලාෆ්ස් සමාගම සැරසෙයි

ලාෆ්ස් ගෑස් පීඑල්සී සිය පූර්ණ අනුබද්ධිත සමාගමක් වන LAUGFS...

මෝදිගේ පෞද්ගලිකත්ව නීතියට එරෙහිව අම්බානිගේ හා අදානිගේ මාධ්‍ය ආයතන අධිකරණයට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 27: ඉන්දීය අග්‍රාමාත්‍ය...

ඥානසාර හිමිට වහාම ජනාධිපති සමාව පිරිනමා අර්බුදය අවසන් කළයුතුයි – එජාපයෙන් නිවේදනයක්

සටහන - රුවන් නෙළුගොල්ල අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවකට වරදකරු වී...

වන අලින්ගේ සුබසාධනය වෙනුවෙන් ඩඩ්ලි සිරිසේනගෙන් රුපියල් මිලියන 100ක ධන පරිත්‍යාගයක්

කාවන්තිස්ස මහ ඇතුගේ මරණය හරහා ඉගෙනගත් පාඩම යළිත් වෙනෙකෙකුට...