රටපුරා ඩිපෝ රැසකට දින දෙකකින් ඩීසල් ලබා දී නොමැති බව ලංකා ගමනාගමන මණ්ඩලය පවසනවා. මේ වනවිට ඩිපෝ කිහිපයක ඉන්ධන තොග අවසන් වී ඇති අතර බස් ධාවන කටයුතු ඇණහිටීමේ අවදානමක් මතුව තිබේ.
හෙට දිනයේදී ඩීසල් ලැබෙනු ඇතැයි විස්වාස කරන බවත්, කෙසේ නමුත් ඩීසල් ලැබෙන දිනයක් සම්බන්ධයෙන් නිශ්චිතව ප්රකාශ කළ නොහැකි බවත් ලංකා ගමනාගමන මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කරනවා.
පෞද්ගලික බස්රථ සඳහා ඉන්ධන ලබාදීමද ලංගම ඩිපෝ හරහා සිදු වූ අතර ඩිපෝවල ඉන්ධන නොමැතිවීම හේතුවෙන් පෞද්ගලික බස් ධාවන කටයුතුද ඇණහිට තිබෙනවා.
මේ අතර ඉන්ධන ප්රවාහන ටැංකි රථ හිමියන්ගේ සංගමය පවසන්නේ ඩීසල් මෙන්ම පෙට්රල් නිකුත් කිරීමද දැඩිලෙස සීමා කර ඇති බවයි. නුදුරේදීම යළිත් ඉන්ධන හිගයක් ඇතිවිය හැකි බවයි එම සංගමයේ සම ලේකම් ඩී.වී. ශාන්ත සිල්වා මහතා පවසන්නේ.
ඉන්ධන නොමැතිවීම හේතුවෙන් මේ වනවිට රටපුරා ඉන්ධන පිරවුම්හල් රැසක් වසාදමා ඇති අතර යළිත් ඉන්ධන පෝලිම් නිර්මාණය වී තිබෙනවා.
UN