රෂිකා හෙන්නායක මාර්තු 29 ,ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):
2026 CPAC සමුළුවේදී පවත්වන ලද ජනමත විමසුමකින් උප ජනාධිපති ජේ.ඩී. වෑන්ස් 2028 ජනාධිපතිවරණ අපේක්ෂකත්වය සඳහා ඉදිරියෙන්ම සිටින බව විදෙස් මාධ්‍ය පැහැදිලි කරයි.
ඔහුට පසුව රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝ දෙවන ස්ථානය දිනාගෙන ඇති අතර, මෙය රිපබ්ලිකන් පක්ෂය තුළ පවතින දේශපාලන ප්‍රවණතා මැන බැලීමක් ලෙස සැලකේ.
වත්මන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජනප්‍රියතාවය අඩුවෙමින් පවතින පසුබිමක, පක්ෂයේ අනාගත නායකත්වය පිළිබඳව මෙහිදී අවධානය යොමු කර ඇත.
ඉරාන යුද්ධය සහ ආර්ථික අර්බුද හමුවේ වුවද, රිපබ්ලිකන් පාක්ෂිකයන් වැඩි වශයෙන් ට්‍රම්ප්වාදී දේශපාලන දර්ශනය අනුගමනය කරන අපේක්ෂකයින් කෙරෙහි විශ්වාසය තබා ඇති බවද පෙන්වා දෙයි.
මෙය ඉදිරි වසරවලදී ඇමරිකානු දේශපාලන ගමන්මග තීරණය කිරීමට ඉවහල් වන වැදගත් දේශපාලන දර්ශකයකි.





