Home පුවත් ඕස්ට්‍රේලියානු උරුමයට එක්වූ ඓතිහාසික ජය ශ්‍රී මහා බෝධි ශාඛාව..

ඕස්ට්‍රේලියානු උරුමයට එක්වූ ඓතිහාසික ජය ශ්‍රී මහා බෝධි ශාඛාව..

රෂිකා හෙන්නායක මාර්තු 29, කොළඹ LNW :

ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ පිහිටි බෝධි ධම්ම විහාරයේ රෝපණය කර ඇති ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ අංකුරයක් එරට ජාතික උරුම ලැයිස්තුවට ඇතුළත් කර තිබේ.

විදේශීය රටක ආගමික වස්තුවක් මෙලෙස රාජ්‍ය උරුමයක් ලෙස පිළිගැනුණු පළමු අවස්ථාව මෙය ලෙස ඉතිහාසයට එක් වේ.

මෙම සුවිශේෂී අවස්ථාව සැමරීම සඳහා පැවැත්වූ උත්සවයට වික්ටෝරියානු ප්‍රාන්ත අග්‍රාමාත්‍යවරිය ඇතුළු දේශපාලන නායකයින් සහ ශ්‍රී ලංකාවේ අටමස්ථානාධිපති හිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නය සහභාගී වූහ.

මෙම පියවර හරහා ඕස්ට්‍රේලියාව තුළ බෞද්ධ සංස්කෘතියට හිමිවන සමාජීය සහ ඓතිහාසික වටිනාකම මනාව තහවුරු වේ. වසර දෙකකට පෙර රෝපණය කරන ලද මෙම බෝධීන් වහන්සේ දැන් එරට රැකවරණය ලබන සුවිශේෂී ස්මාරකයක් බවට පත්ව ඇත.