2026 දෙවන කාර්තුවේ විදුලි ගාස්තු සංශෝධනයක්…

රෂිකා හෙන්නායක මාර්තු 30 කොළඹ LNW :

2026 වසරේ දෙවන කාර්තුව සඳහා විදුලි ගාස්තු ඉහළ නැංවීමට ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව තීරණය කරයි.

ඒ අනුව, එළඹෙන අප්‍රේල් මස පළමුවනදා සිට ක්‍රියාත්මක වන පරිදි විවිධ පාරිභෝගික කාණ්ඩ යටතේ විදුලි බිල ඉහළ යන ප්‍රතිශතයන් දක්වා ඇත.

අඩු ඒකක ප්‍රමාණයක් භාවිතා කරන නිවෙස් සඳහා අවම ගාස්තු සංශෝධනයක් සිදුවන අතර, ඒකක 180කට වඩා වැඩි ඉහළ පරිභෝජනයක් සහිත පාර්ශවයන් සඳහා 25%ක විශාල වැඩිවීමක් ප්‍රකාශයට පත් කර තිබේ.

මීට අමතරව, ආගමික ස්ථාන, පොදු කාර්ය සහ කර්මාන්ත අංශ සඳහා ද සුවිශේෂී ගාස්තු ව්‍යුහයන් හඳුන්වා දී ඇත.

ඒ අනුව, ඒ අනුව විදුලි ගාස්තු සංශෝධනය අප්‍රේල් මස 1 වන දින සිට ක්‍රියාත්මක වේ. 

මෙම වසරේ දෙවන කාර්තුවට අදාළව ලංකා විදුලිබල මණ්ඩලය විසින් 13.56%ක විදුලි ගාස්තු සංශෝධනයක් මහජන උපයෝගීතා කොමිසම් සභාවෙන් ඉල්ලා තිබුණි.මේ යටතේ ඒකක 0 සිට 30 දක්වා වූ කාණ්ඩය සඳහා විදුලි ගාස්තුව 04.3%කින් ඉහළ යන අතර මාසිකව රුපියල් 15කින් ඉහළ යනු ඇත.

31-60 අතර කාණ්ඩය සඳහා විදුලි ගාස්තු 6.9%කින් ඉහළ දමා ඇති අතර ඒ අනුව එහි මාසික ගාස්තුව රුපියල් 45කින් ඉහළ ගොස් තිබේ.

61-91 අතර කාණ්ඩය සඳහා 6.9%කින් ඉහළ දමා ඇති අතර ඒ අනුව එහි මාසික වැඩිවීම රුපියල් 120කි.

91-180 දක්වා වූ කාණ්ඩය සඳහා 7.1%කින් ඉහළ ගොස් ඇති අතර එහි මාසික වැඩිවීම 420ක්ද ලෙස සංශෝධනය වනු ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

“අපට පෞද්ගලික න්‍යාය පත්‍ර නැහැ, අපට ඇත්තේ පොදු අරමුණක්”- අගමැති හරිනි

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 24, කොළඹ LNW : 22 වන ආණ්ඩුක්‍රම...

ශ්‍රී ලංකා රේගුවේ ආදායම් ඉලක්ක: අපේක්ෂිත සීමාවන් ඉක්මවා ගිය සැප්තැම්බර් ජයග්‍රහණය!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 24, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ රාජ්‍ය...

මුලතිව් මහ රෝහලේ යටිතල පහසුකම් සහ සේවා කාර්යක්ෂමතාවය ඉහළ නැංවීමට කඩිනම් පියවර…

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 24, කොළඹ LNW : උතුරු පළාතේ මුලතිව්...