ජාතික වයස් කාණ්ඩ තරගාවලිය අප්‍රේල් 2 සිට 6 දක්වා සුගතදාසයේදී

නිශ්මං රණසිංහ ,මාර්තු 31, කොළඹ LNW:

ජාතික වයස් කාණ්ඩ අතර පැවත්වෙන පිහිණුම් තරගාවලිය අප්‍රේල් 2 වන දා සිට 6 වන දා දක්වා කොළඹ සුගතදාස පිහිණුම් තටාගයේදී ක්‍රීයාත්මක වීමට නියමිතයි.

වයස 20 න් ඉහළ,අවුරුදු 20 න් පහළ,17 න් පහළ,15 ක් පහළ,13 න් පහළ සහ 11 න් පහළ වයස් කාණ්ඩවල තරග පැවත්වෙන මේ තරගාවලිය ආධුනිකයන්ගේ සහ ජ්‍යෙෂ්ඨයන්ගේ දස්කම් තටාගයක විඳින්නට අවස්ථාව ලැබෙන දුලබ මොහොතක් ලෙස හැඳින්විය හැකියි.

ලංකාවේ වර්ථමාන කණිෂ්ඨ සහ ජ්‍යෙෂ්ඨ පිහිණුම් ක්‍රීඩක දක්ෂතා ලෝකයට සාපේක්ෂව පවතින තත්ත්වය නිරාකරණය කර ගැනීමට ලැබෙන වැදගත්ම තරගකාරී අවස්ථාව හැටියට උදාවෙන මෙම වයස් කාණ්ඩ තරගාවලිය පිහිණුම් කේෂ්ත්‍රයට ඇති කරන බලපෑම ගැන එය පවත්වන දින ගණනින් පැහැදිළි වන්නේය.අප්‍රේල් 2 වන දා සිට 6 වන දා දක්වා දින පහක් පුරා පැවත්වීමට සිඳුවීම හරහා පැහැදිළි වන්නේ කණිෂ්ඨ සහ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් විශාල පිරිසක් සහභාගි වීමට නියමිත බවය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...