Home පුවත් පොලිස් දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරීන් පිරිසකට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථානමාරුවීම් සහ නව පත්වීම් ..

පොලිස් දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරීන් පිරිසකට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථානමාරුවීම් සහ නව පත්වීම් ..

ෂිකා හෙන්නායක මාර්තු 31, කොළඹ LNW :

ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරීන් පිරිසකට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථානමාරුවීම් සහ නව පත්වීම් ලබා දී ඇති බව අනාවරණය කරයි.

ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය මත පොලිස්පතිවරයා විසින් මෙම තීරණය ගෙන ඇත්තේ සේවයේ පවතින අත්‍යවශ්‍ය අවශ්‍යතාවයන් සලකා බැලීමෙනි.

මෙලෙස මාරුවීම් ලැබූ පිරිස අතරට පොලිස් අධිකාරීවරයෙකු, සහකාර පොලිස් අධිකාරීවරුන් හත් දෙනෙකු සහ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් දහසතර දෙනෙකු ඇතුළත් වේ.

ඒ අනුව පොලිස් අධිකාරිවරයෙකුට සහ සහකාර පොලිස් අධිකාරීවරුන් 7 දෙනෙකුට ස්ථානමාරුවීම් ලබා දී තිබේ. ඊට අමතරව ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් 14 දෙනෙකුට ද ස්ථානමාරුවීම් සහ පත්වීම් ලබා දී ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේය. පාලන තන්ත්‍රයේ විධිමත්භාවය පවත්වා ගැනීම සඳහා මෙවැනි නිල මට්ටමේ සංශෝධන සිදු කිරීම පොලිස් සේවය තුළ සාමාන්‍ය ක්‍රියාවලියකි.