යුද්ධය අවසන් කිරීමට හේතු හොයන ට්‍රම්ප් – පරණ කතාව අලුත් විදිහකට!

ආශිකා බ්‍රාහ්මණ

කොළඹ LNW: ඉරානයට එරෙහිව අමරිඅකව සහ ඊශ්‍රායලය විසින ආරම්භ කරන ලද පහර දීම මැදපෙරදිග කලාපයේ යුද්ධයක් දක්වා වර්ධනය වූ අතර එම යුද්ධය අවසාන වීම සම්බන්ධයෙන් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නැවත වරක පණිවිඩයක් ලබා දී තිබේ.

ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරන පරිදි “වසර ගණනාවක්” න්‍යෂ්ටික අවියක් ගොඩනගා ගත නොහැකි බව ඔවුන්ට විශ්වාස වූ විට, එක්සත් ජනපදය “සති දෙක තුනකින්” ඉරානයෙන් “ඉවත් වන” බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබේ.

සිය ඕවල් කාර්යාලයේ සිට කතා කරමින් ට්‍රම්ප් පවසන්නේ ඉරානය “ගිවිසුමක් ඇති කර ගැනීමට අයැද සිටින” නමුත් එය සිදු වුවද නැතත් එය ඇමරිකාවේ කාලසටහනට එය “අදාළ නොවන” බවයි

මීට පෙර, ඉරාන ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් පැවසුවේ ටෙහෙරානයට යුද්ධය අවසන් කිරීමට “අවශ්‍ය කැමැත්ත” ඇති නමුත් සිය ප්‍රතිවාදී පාර්ශව යුද්ධය නැවත අවුලවන්නේ නැති බවට සහතික විය යුතු බවයි.

මේ අතර චීනයේ ජනාධිපති ෂී ජින්පින් සටන් විරාමයක් සඳහා ගන්නා උත්සාහයන් වේගවත් කරමින් සිටියි.

මේ අතර ඊශ්‍රායලය විසින් ලෙබනනය ආක්‍රමණය කිරීමේ මෙහෙයුම් තීව්‍ර කර තිබේ.

එමෙන්ම අද දිනයේදී ජනාධිපති ට්‍රම්ප් “ඉරානය පිළිබඳ වැදගත් යාවත්කාලීන කිරීමක්” ලබා දීමට නියමිත බවද ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

“අපට පෞද්ගලික න්‍යාය පත්‍ර නැහැ, අපට ඇත්තේ පොදු අරමුණක්”- අගමැති හරිනි

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 24, කොළඹ LNW : 22 වන ආණ්ඩුක්‍රම...

ශ්‍රී ලංකා රේගුවේ ආදායම් ඉලක්ක: අපේක්ෂිත සීමාවන් ඉක්මවා ගිය සැප්තැම්බර් ජයග්‍රහණය!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 24, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ රාජ්‍ය...