රෂිකා හෙන්නායක අප්‍රේල් 01, කොළඹ LNW :
එක්සත් රාජධානියේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ විද්වතුන් පිරිසක් ශ්‍රී ලංකාවේ ආර්ථික අනාගතය පිළිබඳව විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ.
මෙහිදී 2022 මූල්‍ය අර්බුදයෙන් පසු මෙරට ලබා ඇති ආර්ථික ස්ථාවරත්වය සහ ඉදිරි සංවර්ධන කටයුතු සඳහා ජාත්‍යන්තර සහයෝගීතාවයේ වැදගත්කම අවධාරණය කර ඇත.
බ්‍රිතාන්‍යයේ ප්‍රමුඛ පෙළේ පර්යේෂණ ආයතනයක් වන ODI Global ආයතනයේ වාර්තා ඇසුරින් ශ්‍රී ලංකාවේ ණය අර්බුදය සහ ආර්ථික පරිවර්තනය පිළිබඳ විශ්ලේෂණාත්මක අදහස් මෙහිදී ඉදිරිපත් විය.
විශේෂයෙන්ම පුනර්ජනනීය බලශක්ති සහ මූල්‍ය ක්ෂේත්‍රයන්හි පවතින නව ආයෝජන අවස්ථා පිළිබඳව බ්‍රිතාන්‍ය ආයෝජකයින්ගේ අවධානය යොමු කර තිබේ.
තිරසාර වර්ධනයක් ළඟා කර ගැනීම සඳහා ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය සහ විදේශීය ආයෝජන විශ්වාසය තහවුරු කිරීම අත්‍යවශ්‍ය බව මෙමඟින් පෙන්වා දෙයි.
මෙමමඟින් දෙරට අතර පවතින ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කරගැනීමේ වැදගත්කම මැනවින් පැහැදිලි කරයි.






