සටහන – පුලී
අප්‍රේල් 02, LNW (කොළඹ): ඉරානය සම්බන්ධ යුද්ධයෙන් ඇති වන ආර්ථික කම්පනය මාස ගණනාවක් අප සමඟ පවතිනු ඇතැයි” ඕස්ට්‍රේලියානු අගමැති ජාතිය අමතා දුර්ලභ රූපවාහිනී දේශනයක අනතුරු ඇඟවමින් කියා සිටියේය.
ඉකුත් බදාදා අදහස් දක්වමින් ඇන්තනි ඇල්බේනිස් පැවසුවේ යුධ ගැටුම ඉතිහාසයේ විශාලතම පෙට්‍රල් සහ ඩීසල් මිල ඉහළ යාමට හේතු වූ බවත්, කුටුම්භ දැනටමත් එහි පීඩනය අත්විඳිමින් සිටින බවත්ය.
ඕස්ට්‍රේලියාව මෙම යුද්ධයේ ක්‍රියාකාරී සහභාගිවන්නෙකු නොවනමුත් සියලුම ඕස්ට්‍රේලියානුවන් ද ඉන් පීඩා විඳින බව ඔහු තවදුරටත් පැවසීය.
ඉරානය සමඟ ඇමරිකා එක්සත් ජනපද-ඊශ්‍රායල් යුද්ධය ආරම්භ වීමෙන් සහ හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමීමෙන් පසු ඉන්ධන මිල තියුනු ලෙස ඉහළ ගොස් ඇති රටවල් අතර ඕස්ට්‍රේලියාවද වේ.



