රෂිකා හෙන්නායක අප්‍රේල් 02 ,ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):
පාකිස්තානය සහ ඇෆ්ගනිස්ථානය අතර පවතින දරුණු දේශසීමා ගැටුම් නිරාකරණය කරගැනීම සඳහා චීනයේ මැදිහත්වීමෙන් සාකච්ඡා ආරම්භ කර තිබේ.
මෙම සාකච්ඡාවල ප්‍රධාන අරමුණ වන්නේ දෙරට අතර මාස කිහිපයක සිට පවතින සටන් විරාමයකට එළඹීම සහ දෙපාර්ශවය අතර පලුදු වී ඇති රාජ්‍යතාන්ත්‍රික සබඳතා යළි ගොඩනැගීමයි.
තම රට තුළ සිදුවන ත්‍රස්ත ප්‍රහාරවලට ඇෆ්ගනිස්ථානය වගකිව යුතු බවට පාකිස්තානය චෝදනා කරන අතර, ඇෆ්ගනිස්තානය එම චෝදනා ප්‍රතික්ෂේප කරමින් වෙළඳ සහ ආරක්ෂක සහයෝගීතාව කෙරෙහි අවධානය යොමු කරයි.
දෙරටේම දේශසීමා ආශ්‍රිතව සිදුවූ ප්‍රහාරවලින් සිවිල් වැසියන් විශාල පිරිසක් මියගොස් ඇති බැවින්, කලාපීය ස්ථාවරත්වය වෙනුවෙන් මෙම සාකච්ඡා ඉතා තීරණාත්මක වේ.
ඒ අනුව මේ වනවිට, මෙම ගැටුම නිරාකරණය කිරීම සඳහා චීනය මෙන්ම ගල්ෆ් කලාපීය රටවල් ද සිය සහයෝගය ලබා දෙමින් සිටී.





