ඇමති කුමාර ජයකොඩි නිසා මීළඟ IMF ණය වාරිකයටත් කොක්කක් ??

මෙරට සංචාරක නිරත වී සිටින සිටින ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත කණ්ඩායම ඊයේ (02) පාර්ලිමේන්තුවේදී විපක්ෂයේ පක්ෂ නායකයින් හමුවී සාකච්ඡා කර තිබේ.

නියෝජ්‍ය කථානායක වෛද්‍ය රිස්වි සාලි මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම සාකච්ඡාවට විපක්ෂය නියෝජනය කරමින් සහභාගී වී සිටියේ දිලිත් ජයවීර, රවී කරුණානායක, එම්.එල්.ඒ.එම්.හිස්බුල්ලා සහ වෛද්‍ය රාමනාදන් අර්ච්චුනා යන මන්ත්‍රීවරුන් පමණක් වන අතර සජිත් ප්‍රේමදාස ඇතුළු සමගි ජන බලවේගය නියෝජනය කරන මන්ත්‍රීවරුන් සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජිතයින් මෙම සාකච්ඡාවට එක්ව නොසිටි බව සඳහන්.

මෙහිදී වෛද්‍ය රාමනාදන් අර්ච්චුනා IMF නියෝජිතයින්ට සිහිපත් කර ඇත්තේ IMF ගිවිසුමේ කොන්දේසි අනුව මීළඟ ණය වාරිකය නිදහස් කිරීමට නම් දූෂණය පිටුදැකීම අත්‍යාවශ්‍ය කරුණයක් බවයි. එසේ තිබියදීත් වත්මන් බලශක්ති අමාත්‍යවරයා යටතේ ගල් අඟුරු ආනයනයේදී බරපතළ වංචාවක් සිදුව ඇති බවට චෝදනා එල්ල වී ඇති බවත් ඔහු 2015 සමයේ ලංකා පොහොර සමාගමේ සිටියදී සිදුකළ අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් මේ වනවිට ඔහුට මහාධිකරණය හමුවේ අධිචෝදනාත් භාරදී ඇති බවත් පවසා ඇති අර්ච්චුනා මන්ත්‍රීවරයා මෙවන් තත්වයක් යටතේ මීළඟ IMF ණය වාරිකය නිදහස් කරන්නේ කෙසේදැයි ප්‍රශ්න කර ඇති බව ආරංචිමාර්ග පැවසීය.

IMF නියෝජිතයින් ඊට පිළිතුරු දෙමින් අදාළ සිද්ධීන් සම්බන්ධයෙන් තමන් දැනුවත්ව සිටින්නේ යැයි ප්‍රකාශ කර ඇති බවත් ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කළේය.

ඒ අනුව කුමාර ජයකොඩි අමාත්‍යවරයා නිසා මීළඟ IMF ණය වාරිකයට ද යම් බලපෑමක් සිදුවීමේ අවදානමක් පවතින බවයි දේශපාලන ආරංචිමාර්ග පැවසුවේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Dujuan සුළි කුණාටුව ජපානයට තර්ජනයක් වෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 21, කොළඹ LNW : දුජුආන් ප්‍රබල සුළි...

සෞදි මරණ දඬුවමෙන් සිවරාසා අනෝජන් බේරාගැනීමේ රාජ්‍ය මැදිහත්වීමක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 21, කොළඹ LNW : සෞදි අරාබියේදී මරණ...

ජපානයට ප්‍රබල ටයිෆූන් කුණාටුවක් – මිලියන 1.9කට අධික පිරිසකට ඉවත් වන ලෙස දැනුම් දෙයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 21: පැයට කිලෝමීටර් 130-...

ට්‍රම්ප් සමග වෙළඳ යුද්ධය අතරතුර කැනඩාව හා ප්‍රංශය අතර ආර්ථික හා ආරක්ෂක සබඳතා ප්‍රකාශයට පත් කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 21: ප්‍රංශ ජනාධිපති එමානුවෙල්...