ඩයමන්ඩ් ලීග් අවසාන තරගයට යුපුන්?

Date:

මෙවර ඩයමන්ඩ් ලීග් තරගාවලියේ පැවත්විමට නියමිතව ඇත්තේ එක් තරගයක් පමණක්ව තිබියදී අවසාන තරගයට ක්‍රීඩා කළ හැකි මට්ටමක යුපුන්ගේ නම ද සඳහන් වෙනවා.එහිදි ඩයමන්ඩ් ලීග් තරගාවලියට සහභාගි වූ තරගකරුවන් දක්වා ඇති දක්ෂතා අනුව ශ්‍රේණිගත කිරීමක් සිඳු කර ඒ,ඒ ඉසව් සඳහා හොඳම අටදෙනා සහභාගි වනු ඇති.මේ වන විට ඩයමන්ඩ් ලීග් තරගාවලිය යටතේ තරග ඉසව් එකොළහක් පවත්වා අවසන්.තව පැවත්වීමට ඇත්තේ බෙල්ජියමේ බ්‍රසල්ස් හි පැවත්වීමට නියමිත ඒජී මෙමෝරියල් වෑන් ඩෑම් තරගය පමණයි.කින්ග් බවුඩියන් ක්‍රීඩාංගණයේ පැවත්වෙන තරගය සැප්තැම්බර් 2 දා පැවත්වෙනවා.
මේ තරගයට පිවිසෙන විට මීටර් සියය ඉසව්වේ ලකුණු සටහනට අනුව යුපුන් අබේකෝන් සිටින්නේ 8 වන තැනයි.අට වැනියා වන විට ක්‍රීඩකයින් නව දෙනෙක් සිටින අතර ඔහු සමඟ සම ලකුණු ගෙන අටවන තැන බෙදා ගෙන සිටින්නේ ඇමෙරිකාවේ කයිරී කින්ග්.ඔවුන් දෙදෙනාටම ලකුණු 9 බැඟින් හිමිව තිබෙනවා.පළමු ස්ථාන දෙකක්,තෙවන ස්ථාන දෙකක් සහ හයවන ස්තාන දෙකක් සමඟ අටවන ස්ථාන දෙකක් මෙහිදි ඉදිරියෙන් සිටින ක්‍රීඩකයින් අතර දැක ගන්න හැකියි.නමුත් අටවනදා සහභාගීත්වය අනුව මේ තත්ත්වය වෙනස් වන්නට ඉඩ තියෙනවා.
නමුත් සැප්තැම්බර් 2 දා තරගය නියෝජනය කරන්නේ කවුරුන්ද යන්න මේ වන විට නිශ්චිත නැහැ.යුපුන් සහබාගි නොවන්නේනම් සහ ඔහුට පිටුපසින් 10 වන ස්ථානයේ සිටින කැනඩාවේ ආරෝන් බ්‍රවුන් (ලකුණු 8) සහ එකළොස්වන තැන සිටින ඇමෙරිකාවේ මර්වින් බ්‍රාසි වැන්නෙක්ටත් යුපුන් හා සම ලකුණු ලබා සිටින ඇමෙරිකාවේ කයිරි කින්ග්ටත් අවස්ථාව දිනා ගන්න අවස්ථාව ලැබෙනවා.වැඩි පුර ඩයමන්ඩ් ලීග් තරග අවස්ථා දිනා ගැනීමට අවස්ථාව හිමිවන්නේ හෝ මේ තරගයට ඉදිරිපත්වීමට අවස්ථාව තිබුණේනම් සැප්තැම්බර් ස්විට්සර්ලන්තයේ සූරිච් හී පැවත්වෙන ඩයමන්ඩ් ලීග් අවසාන තරගයට යුපුන් සහභාගි වීම විශාල ඉඩක් තිබුණා.
සහභාගීත්වයත් ජයග්‍රහණය තරමටම අට දෙනා අතරට එන්න බලපානවා.එම බලපෑම සම්බන්ධයෙන් හොඳම උදාහරණයක් වන්නේ මෙවර පොදු රාජ්‍ය මණ්ඩලීය තරගාවලියේදී දකුණු ආසියානු හෙල්ල වීසි කිරීමේ වාර්තාව අලුත් කරමින් තරගය ජයගත් පකිස්තානයේ අර්ෂාඩ් නදිම් මේ ලැයිස්තුවේ දකින්නටවත් නැතිකමයි.ඔහුට ඩයමන්ඩ් ලීග් තරග අවස්ථාවක් උදාවීම නැහැ.

RM

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මදුරාවතී නම් තරු රටාව – භාෂාව මිටින් ගෙන හොම්බට අනින කවි

සාදය සූදානම් කරපු චන්දරේට යන්නම් කියපු ලූලා ඇලෙන් පැනලා...

ශ්‍රී ලාංකිකයින් 10,000 කට තායිලන්තයේ රැකියා අවස්ථා. එරට කැබිනට් අනුමැතියත් ලැබෙයි !

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් 10,000ක් රැකියා සඳහා...

තුසිත හල්ලොලුව රිමාන්ඩ්. වෙඩිතැබිල්ල තුසිතගේම වැඩක් බව පොලීසිය උසාවියට කියයි !

ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු විධායක අධ්‍යක්ෂවරයකු මෙන්ම හිටපු ජනාධිපති...

Tasty Tuesdays: කටට රහට හැදෙන කොත්තු රොටියේ රස රහස (The Story of Sri Lanka’s Beloved Koththu Roti)

සෑම අඟහරුවාදා දිනකම “Tasty Tuesdays” තුළින් ඔබට ආහාර පාන,...