අත්අඩංගුවට ගන්න යද්දී පැනගිය සැකකරුගේ මළ සිරුර වතුර වළක. ඥාතීන්ගෙන් පොලිසියට චෝදනා

Date:

පොලිසිය විසින් අත් අඩංගුවට ගැනීමට උත්සාහ කරද්දී පැන ගිය සැකකරුවකුගේ මළ සිරුරක් කුඩා වතුර වළක තිබියදී පෙරේදා (07) හමුවී ඇති අතර එම මරණය සම්බන්ධයෙන් සැකකරුගේ ඥාතීන්ගෙන් පොලිසිය වෙත චෝදනා එල්ල වී තිබේ.

චෝදනා කිහිපයක් සම්බන්ධයෙන් වරෙන්තු ලබාසිටි අදාළ සැකකරු ත්‍රිකුණාමල පුල්මුඩේ මාර්ගයේ යාන් ඔය ප්‍රදේශයේදී කුච්චවේලි පොලිසිය විසින් අත් අඩංගුවට ගැනීමට උත්සාහ කර තිබුණු අතර එහිදී ඔහු පොලිසියෙන් මිදී පළාගොස් තිබිණි.

පසුව ඔහුගේ මළ සිරුර යාන් ඔය අසල කුඩා වතුර වළක තිබියදී හමුවී ඇත.

අදාළ සැකකරුගේ මරණය සම්බන්ධ මරණ පරීක්ෂණය ඊයේ (08) ත්‍රිකුණාමල මහ රෝහලේදී පැවති නමුත් සැකකරුගේ ඥාතීන් එම මරණ පරීක්ෂණ වාර්තාව බාරගැනීම ප්‍රතික්ෂේප කර ඇති අතර ඔවුන් චෝදනා කර ඇත්තේ මරණය සැක සහිත බවටයි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නාය යෑමේ අවධානම නිසා වරකාපොළ පවුල් 11ක් ඉවත් කෙරේ!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 11, කොළඹ LNW : වරකාපොළ ප්‍රාදේශීය කොට්ඨාසයට...

සමාජ සුබසාධක ප්‍රතිලාභ දීම ගැන අලුත් තීරණයක්!

කොළඹ LNW:ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශය...

ජලයෙන් යටවූ  නිවාස පිරිසිදු කිරීමේ දීමනාව අඛණ්ඩව!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 11, කොළඹ LNW : පසුගියදා ඇතිවූ...