අත්අඩංගුවට ගන්න යද්දී පැනගිය සැකකරුගේ මළ සිරුර වතුර වළක. ඥාතීන්ගෙන් පොලිසියට චෝදනා

Date:

පොලිසිය විසින් අත් අඩංගුවට ගැනීමට උත්සාහ කරද්දී පැන ගිය සැකකරුවකුගේ මළ සිරුරක් කුඩා වතුර වළක තිබියදී පෙරේදා (07) හමුවී ඇති අතර එම මරණය සම්බන්ධයෙන් සැකකරුගේ ඥාතීන්ගෙන් පොලිසිය වෙත චෝදනා එල්ල වී තිබේ.

චෝදනා කිහිපයක් සම්බන්ධයෙන් වරෙන්තු ලබාසිටි අදාළ සැකකරු ත්‍රිකුණාමල පුල්මුඩේ මාර්ගයේ යාන් ඔය ප්‍රදේශයේදී කුච්චවේලි පොලිසිය විසින් අත් අඩංගුවට ගැනීමට උත්සාහ කර තිබුණු අතර එහිදී ඔහු පොලිසියෙන් මිදී පළාගොස් තිබිණි.

පසුව ඔහුගේ මළ සිරුර යාන් ඔය අසල කුඩා වතුර වළක තිබියදී හමුවී ඇත.

අදාළ සැකකරුගේ මරණය සම්බන්ධ මරණ පරීක්ෂණය ඊයේ (08) ත්‍රිකුණාමල මහ රෝහලේදී පැවති නමුත් සැකකරුගේ ඥාතීන් එම මරණ පරීක්ෂණ වාර්තාව බාරගැනීම ප්‍රතික්ෂේප කර ඇති අතර ඔවුන් චෝදනා කර ඇත්තේ මරණය සැක සහිත බවටයි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පෙබරවාරි 3 සිට ලෝක කුසලාන තරග බලන්න ටිකට් ගන්න තැන් වීවෘතයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 03, කොළඹ LNW: ඉන්දියාව සහ ශ්‍රී ලංකාව...

ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති ධුරය නැවතත් රජීව්ට

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති ධුරය...

විගණකාධිපති ප්‍රශ්නය නිමයි. ව්‍යවස්ථා සභාවෙන් අනුමැතිය ලැබෙයි!

කොළඹ LNW:ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය විගණකාධිපතිනිය ලෙස කටයුතු කරන එල්. එස්....

පෙට්‍රල් 92 නැව් තොග 5ක කොන්ත්‍රාත්තුව සිංගප්පූරුවේ සමාගමකට!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පෙට්‍රල් 92 නැව් තොග 05ක් ප්‍රසම්පාදනය සඳහා...