මේ මොහොත වනතුරු අපි සාර්ථකයි. අර්බුදයෙන් අවස්ථාව පාදාගන්න ඉවසීම අපට තියෙනවා – ඇමති හඳුන්

සටහන – රුවන් නෙළුගොල්ල

මේ අර්බුද අවස්ථාවේදී අපනයන කර්මාන්ත කඩාවැටෙනු ඇතැයි ඇතැමුන් බලාපොරොත්තුවෙන් සිටියත් කිසිදු බාධාවකින් තොරව එම කර්මාන්ත ඉදිරියට ගෙනයාමට තමන්ට හැකියාව ලැබී ඇති බව කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි.

“අදට මේ මොහොත වනතුරු අපි සාර්ථකයි. ජාත්‍යන්තර විශ්වාසයන් දිනාගනිමින්, ජාත්‍යන්තර සබඳතා තහවුරු කරගනිමින් මේ කටයුතු ඉස්සරහට ගෙනියන්න අපට පුළුවන්කම ලැබිලා තියෙනවා. හැම අර්බුදයකම අවස්ථාවක් තියෙනවා. ඒ අවස්ථාව හරියට පාදාගන්න නම් හොඳ ඉවසීමක් සහිතව ඒ අර්බුදය විග්‍රහ කරගන්න ඕනෙ. ඒ ඉවසීම අපට තියෙනවා. තේ අපනයන වෙළඳපොල කඩාගෙන වැටෙයි කියලා සමහරු බලාගෙන හිටියා. නමුත් පෙරේදා වෙනකොට අපේ තේ වෙන්දේසියේ ඉහළම මිල වාර්තා වෙලා තියෙනවා. ඇඟළුම් කර්මාන්තය කඩාගෙන වැටෙයි කියලා සමහරු බලාගෙන හිටියා. නමුත් ඇඟළුම් කර්මාන්තයේ කටයුතු අපි ඉදිරියට පවත්වාගෙන යනවා, කිසි බාධාවක් නෑ”

සුනිල් හඳුන්නෙත්ති අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (04) පැවති උත්සවයක් අමතමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Dujuan සුළි කුණාටුව ජපානයට තර්ජනයක් වෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 21, කොළඹ LNW : දුජුආන් ප්‍රබල සුළි...

සෞදි මරණ දඬුවමෙන් සිවරාසා අනෝජන් බේරාගැනීමේ රාජ්‍ය මැදිහත්වීමක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 21, කොළඹ LNW : සෞදි අරාබියේදී මරණ...

ජපානයට ප්‍රබල ටයිෆූන් කුණාටුවක් – මිලියන 1.9කට අධික පිරිසකට ඉවත් වන ලෙස දැනුම් දෙයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 21: පැයට කිලෝමීටර් 130-...

ට්‍රම්ප් සමග වෙළඳ යුද්ධය අතරතුර කැනඩාව හා ප්‍රංශය අතර ආර්ථික හා ආරක්ෂක සබඳතා ප්‍රකාශයට පත් කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 21: ප්‍රංශ ජනාධිපති එමානුවෙල්...