වැසි තත්වයේ තරමක වෙනසක් – අද (06) කාලගුණය

සටහන – රුවන් නෙළුගොල්ල

අද (අප්‍රේල් 06) දිනයේදී උතුරු, නැගෙනහිර, උතුරු-මැද, මධ්‍යම සහ සබරගමුව පළාත්වලත් පුත්තලම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ප.ව 2.00 න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

බස්නාහිර පළාතෙත් පුත්තලම සහ යාපනය දිස්ත්‍රික්කවලත් වෙරළබඩ ප්‍රදේශවල උදැසන කාලයේදීත් වැසි ඇති විය හැක.

මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වලත් අම්පාර දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවල අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටී.

දෘශ්‍ය ලෙස සූර්යයා උතුරට ගමන් කිරීමේදී සූර්යයා, අප්‍රේල් මස 05 සිට 15 දක්වා දිනවලදී ශ්‍රී ලංකාව ආශ්‍රිත අක්ෂාංශවලට සෘජුවම ඉහලින් පවතී. අද(06) දින දහවල් 12:13 ට බේරුවල, ගුරුළුබැද්ද, රක්වාන, ගොඩකවෙල, උඩවලව සහ තණමල්විල යන ප්‍රදේශවලට හිරු මුදුන් වනු ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රජයෙන් අතිවිශේෂ ගැසට් නිවේදනයක්!

කොළඹ LNW:වරාය පිවිසුම් ගුවන් මාර්ගය අධිවේගී මාර්ගයක් ලෙස නම්...

බිලියන 35ක් වෙන් කළාට ගමට ගිහින් තියෙන්නේ බිලියනයයි – නාමල්

කොළඹ LNW:''ආණ්ඩුව ඉලක්කම් නම් කියනවා. හැබැයි ඉතින් ගරු සභාපතිතුමිය...

දිට්වා ව්‍යසනයේ පළමු වර්ෂ පූර්ණ අනුස්මරණ ජාතික වැඩසටහන බදුල්ලේදී!

කොළඹ LNW:දිට්වා සුළි කුණාටු ව්‍යසනයේ පළමු වර්ෂ පූර්ණය නිමිති...

‘මිත්‍ර ශක්ති – XII’ (Mitra Shakti – XII), 2026 සාර්ථකව අවසන්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 27, කොළඹ LNW: ශ්‍රී ලංකා යුද්ධ හමුදාව...