ආශිකා බ්‍රාහ්මණ
කොළඹ LNW: මැදපෙරදිග යුද්ධය අවසන් කිරීම වෙනුවෙන් සාකච්ජා පැවැත්වෙන බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.
ඇමරිකාව සහ ඊශ්‍රායලය ඒකාබද්ධව ඉරානයට පහර දීම ආරම්භ වීමෙන් ආපසු ඇවිලුණු මැදපෙරදිග යුද්ධය අවසන් කිරීම වෙනුවෙන් ඉරානය සහ ඇමරිකාව අතර සාකච්ජා පැවැත්වෙන බවයි එම පුවත් සේවය වාර්තා කර ඇත්තේ.
අභ්‍යන්තරික වශයෙන් එම සාකච්ජා පැවැත්වෙන අතර එම සටන් විරාමය අද (06) දින ආරම්භ වීමට බොහෝ සෙයින් ඉඩ ඇති බව සඳහන්.
මෙම සටන් විරාමයට මැදහත්කරු ලෙස කටයුතු කරන්නේ පාකිස්ථානයයි.
අදියර දෙකකින් එය ක්‍රියාත්මක කිරීමට නියමිත අතර පළමු අදියරේ ක්ෂණික සටන් විරාමයක් ලෙසත් දෙවන අදියරේ පුළුල් ගිවිසුමකින් එකඟතාවන්ට පැමිණීමත් පිළිබඳ පාකිස්ථානය දෙපාර්ශවයට යෝජනා කර ඇත.
සටන් විරාමයේ ප්‍රධාන බලාපොරොත්තුව වන්නේ හොමුස් සමුද්‍ර සන්ධිය විවෘත කරගැනීමය.
රොයිටර් වාර්තාවට අනුව, සටන විරාමය වෙනුවෙන් ඉරානයට එරෙහි සම්බාධක ඉවත් කිරීමත් ඉරානය පාර්ශවයෙන් න්‍යෂ්ටික අවි සංවර්ධනය කිරීම අත්හැරීමටත් පොරොන්දු වනු ඇතැයි දැක්වෙයි.




